Tuesday, July 18, 2017

හැගීම් සිරවීම


විචාරන්නේ කොහොමෙයි

නුඔ විදපු දුක් ගැහට

ගල් රූපයක් නොවෑ

සිතුවමක කොටපු

අනන්තවත් කතා ඇති
 

කියන්නට ලෝකයට
 

ඇතුලත නොපෙනුනාට
 

ඇස් දෙකක දැවටිලා
 

කතාවක් කියෙව්වට
 

දුක්සුසුම් ගොඩක් ඇති
 

මහමෙරක් නොසෙල්වෙන
 

මම කොහොම කියන්නද
 

මගේ දුක් ගින් කන්ද
 

ඇතුලතින් බුර බුරා ඇවිලයන
 

දෑත පපුවට ඔබා
 

ගල් කරලමී
 

මගෙත් ඇවිලෙන ගින්න
 

හිත යටින්
 

විලංගුලා සිරකරගෙනම
 

@අසම්මත/16/07/18/@

16 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.