Sunday, August 27, 2017

විසිරිම


මල් පියල්ලක

අගිස්සට පැමිණ

විසිරයන්නට බෑ කියා

දගකලාට ඉන්න

දැරිය නොහැකිව
 

අතාරින පිණි බිදක
 

සී සීකඩ විසිරෙවී
 

සුන්දරත්වය අතැර
 

@අසම්මත/16/08/24/@
4 Com

රිදවීම


මම

ජීවිතය

සොයමි

අඩන්නට නොවේ

හිනෙහෙන්න
 

ඒකත්
 

?
 

වූ වගයි...........................................!
 

සෙවීම
 

අත්හරිනවද
 

හිතට
 

නොදැනෙන්න
 

හදවතට
 

රිදෙන්නට හැර...................................
 

@අසම්මත/16/08/25/@
11 Com

නවමු සුවද


මා

නෙලා ගතිමි

ඒ මල

දෝතින් නොව

ඇස් වලින්.......................
 

හදවතක රැදි
 

සුසුම්
 

දෝවනය කොට තවරා
 

ඔබට
 

දකින්නට ඉඩ හැර........................
 

මා නොදුටු නොවිදි
 

අසිරි
 

හා
 

සුවද.........................................!
 

@අසම්මත/16/08/27/@

19

අතැරයාම


නොපැතූ ම කෙනෙක්

නොපැතූම වෙලාවක

නොහදුනන කම

කමකට නැතිව

ඇරැයුමක් නොලබාම
 

ලංවීම ආදරය සමග
 

තෙපලාම සෙනෙහසක්
 

දැනෙන්නට හදවතට
 

ඉඩ තබා මතකයට
 

ඔබ යන්න දමා මා
 

ඈතකට යලිත්
 

මට දැනුන දේ පමණක් තියා
 

කල්පයක පවතින
 

කවියකයට පන තියා
 

අතැර යන සුළගට ගසා

@අසම්මත/16/08/27/@
17 Com

අම්මා


අම්මේ

මම

නුඹව......................

තුරුළු කරගමි දැඩිව

අහිංසකව
 

අසරණව හිදින
 

මා
 

පාළුවක ගෙවන
 

හැම වෙලාවක
 

හුදකලා
 

නෙත් වලින්
 

කදුළු නැති............................
 

හදවතත් වෙඩරු වී
 

උනුසුම් සුසුම් එද්දී
 

කාටවත්
 

නොපෙනෙන්න
 

සැගවෙමින්..............................

@අසම්මත/16/08/27/@
13

Wednesday, August 23, 2017

එහි ගැඹුර


නුඹ

නොදන්න

මේ විරාමය

මාව

ඇදගෙන ගිහින්
 

නොදන්නා නොපෙනෙන
 

දුරකට
 

එහි ගැඹුර
 

අගාධයක තරමද
 

කියන්නත් බෑ
 

මට
 

ඒ තරම්
 

අපහැදිලියි එය
 

කියාගන්න බැරි
 

@අසම්මත/16/08/23/@
8 C

Sunday, August 20, 2017

වටිනතම


ඇහිද ගත්තානම්

ඒ යමක්

නුඹ

එපා යැයි

ඉවතලැ
 

දෙයිනි.................................
 

මට වටින

@අසම්මත/16/08/20/@



3 Co

උඹලා


මට

මතක තබා ගැනීමට

උවමණා නැති

ගැහැණිය ද පිරිමියා ද

උඹලාමය
 

හදවත
 

ඇතුටම ඇවිත්
 

මා ලග
 

සුසුම් හෙලන................................
 

මතක පොත
 

පිටු නිතර දිග හරින
 

ඉරා විසිකිරීමට
 

නොහැකි.....................................

@අසම්මත/16/08/20/@
2 Comm

Thursday, August 17, 2017

ගැඹුරු තැන


මුහුද

මට පෙන්වන්න

ඔබේ ඔය

ගැඹුරුම තැන

ගිලෙන්නට
 

එහි
 

ඇස් නොපෙනෙන
 

මට.................................!

@අසම්මත/16/08/17/@

2 Comme

මකා ගිය රළ


වෙරළ නොදැනම ද?

සිප ගත්තේ

සිහින මාළිගය

අපි ගොඩක්

ආදරෙන්...........................
 

වෙහෙස වී
 

හදපු........................

@අසම්මත/16/08/17/@
4 Comme

පාපිල්ල


පාපිලි දමා

ඉස්පිල්ල හොයන

කව් පදක

මම සැගවුනිද

ඒ කවිය මත
 

නිකිණී පෝයට
 

පායා දිළෙණ
 

සදට
 

මුවාවී
 

ලියපු........................
 

අවලස්සන
 

එක්කරපු ඒ ඉස්පිල්ල
 

මම ද
 

නුඔ අතහැරැපු.................................?

@අසම්මත/16/08/17/@
6 Comm

අහන්න එපා


අහන්න එපා

ඇයි කියා

කීවාහම

නුඔ කීකරු වුනා නෙව..........................

ඒකතාවට
 

විරාමය තියා
 

නුඔට...............................
 

මම සොයනවා
 

අළුත් කතාවක
 

අරුත
 

එහි මොනවා ලියැවෙයිද..........................?
 

ඒ ගැනත්
 

මගෙන් නුඹ
 

මොකුත් අහන්නෑ නොවෙද.......................

@අසම්මත/16/08/17/@
5 Comm

Wednesday, August 16, 2017

ඝණදුර

කිසිවක්ම
ඝණදුර නොඑන්නට
නොලියෙන්න
තිබුනා
එපමණී......................................!
@අසම්මත/16/08/10/@
5 Com

මල් යාය


මල් යාය

සරන්නට

අවසරයි නුඔට පමණක්

අයිතිකරු

මම
 

මල් යාය පමණක්...................!
 

@අසම්මත/16/08/13/@
7 Comm

කෘතීම


කෘතීමව පාට කල ඇස්

කෘතීමව තෙමුණ තොල්

කෘතිමව වැඩුන පෙම්

කෘතීවම ගෙවන කල්

සුන්දරයි සින්තටික් මල්
 

හැමදාම තියෙන කල්
 

බොහෝ දුර ගෙවන කල්
 

නොදැනීම ප්‍රේමය විකල්
 

@අසම්මත/16/08/14/@
6 Comm

කවිය


අදත්



දින වගෙමයි

පාළුවයි

තනිකමයි..........................
 

කවිය
 

ඒ අතරමයි



@අසම්මත/16/08/16/@

20 Comm

Tuesday, August 8, 2017

කවියක් කවියක



නැවතීම.......................................................

ආදරය නැති



වි


 

ක්
 

ඇරැඔීම........................................................
 




ය.................................................................
 

සොයනවා
 


වි

ක................................................................
 

තවම
 

@අසම්මත/16/08/08/@
9 Comment

ඒ වෙරළමද


මේ වෙරළ මත

අප තැබු පිය

මකා දමනවා හිතලුවේ

වෙරළකට ඇයි බැරි

අපට අැයි බැරි
 

කවි තියන්නට ගැයෙන සේ
 

දුකත් ඇත සතුට ඇත
 

මෙහි ලියවිලා නිදහසේ
 

ආගිය ගමන් වල
 

මතක පමණි ද
 

මේ වෙරළ මත ලියැවුණේ
 

හද රිදුම් දෙන
 

සිහින පමනද
 

දසුනක තැවරී ලං වුනේ
 

මට මතක ඇති
 

ඒ වෙරළමද
 

මේ ලියෙන්නෙ කවිය සේ

@අසම්මත/16/08/08/@

3 Comm

ගැඹුරු සිහින


ඒ සිහිනය හරිම ගැඔුරුයි

දරාගනු බැ තනිව සසලයි

ඒත් හීනයට මං හරිම කැමති

ඔබත් දුටුවොත් වෙන්නෙ එයමැයි

හීන දකින හිත් දකිනු රිසිමැයි
 

මං කියන හිනය‍ෙ උරුමයද ඔබටයි
 

අත්වැලක පැටලි එන්න සොදමැයි
 

ඒ හීනයේ ප්‍රථිපළ රටක නැගුමයි
 

එක හිතින් පේවී අපි එක මිටටමයි
 

මම දුටුව සිහිනය විස්වාසයක බැදිමයි
 

@අසම්මත/16/08/08/@
12 Commen

Monday, August 7, 2017

බහට


ගී නොකියම උඩ පනිමු

කට වැරදී නොනැසි ඉමු

වතුර හිදෙන හැටි දුටුවෙමු

ඉවතක යන අයුරු සොයමු

කොකෙක් ඇවිත් බස් කියාවි
 

මොකද වෙන්න ඕන අසාවි
 

ඉඡ්ඡාවෙන් අප පෙලාවී
 

බොරු බහකට මුල පුරාවී
 

එක එකා ගෙන යමි කියාවී
 

සොබන වදනක නොම ගිලී
 

අහස අමතමු වැසි රිසී
 

දියකඩිත්තක ඉන්නද බැරි
 

අප ගැනත් හිතපන් දිය පිරි
@අසම්මත/16/08/07/@
3 Com

දියකදුර


මට හිතුනා

කාන්තාරය මැද

සිටුවන්න ගහක්

මල් පිපෙන ලස්සන

දිය කදුරු වගුරන
 

ඔබ
 


නොහිතන වෙලාවක
 

ඇත්තටම
 

පැලවෙලා සරුවෙන----------------------------!
 

@අසම්මත/16/08/07/@

කිමද

මිනිසුන්ගෙ නෙත් අතර
නිරුවතින් සරනවට
නුඔ
ගියත් කාසියකට මැදිව

මට
 

පමණක්ම
 

අයිති නුඔ සිරුර
 

රහසින් මං දකින
 

අහිමවන හැම රෑක
 

අයිතිය කොදුරන
 

කිමද ? අකමැත්ත
 

@අසම්මත/16/08/07/@
4 Comm

ඌණනය


ඌණනය

කල හැකිද

නුඔ මරාදමන

මහද උපදින

අපමණ සිතිවිලි කන්ද
 

කිසිත්
 

නොසිදු වූ
 

@අසම්මත/16/08/07/@




3 Sha

යදම්


මා ජීවයෙන් ගෙන

හද මැදට

යදම් දැම්මා

කවි හිතට

තරුණ ජවයක බහට
 

අවනත නොවී කොහොම
 

මම විදිමි
 

ඒ පහස
 

දෙනවනම් නිබද
 

කෘරිරූ කර්කශ රිදුමැ
 

මැද
 

ආදරය පිළිකුලට හැර
 

පිළිවදන තුරුළු කර
 

@අසම්මත/16/08/07/@
2 C

රිදුම් පැලුම්


මිටියකින් තඩි බබා

යකුලකින් ඇණ ඇණ

මම

විචාරණ නුඔ

ඇයි නොමඅහුලන්නේ
 

මා පිටකරන මගේ සුසුම් කැට
 

දෝතකට ගෙන
 

හොදින් බැලුනොත් ඇහැට
 

එහි ඉන්නවා මම
 

මිණිකැටයක් විලස
 

හැමවෙලේ නුඔ පතන
 

රිදුම් දෙනු කුමට
 

එහි පැලුම් ගොඩක් ඇත
 

මැණිකක අගය හැම විට
 

මිලක්ම,ද ?
@අසම්මත/16/08/07/@
9 C

අත්තටු කුමට


සටන් කරලා සෙව්වෙම

වදන් ටිකක් ස්ථාවර

ලියන්න සියුම් තැනකට

එක්කාසු කල අකුරක්

හුදකලා කල හද
 

ඇවිල නටාවිද නුඔ
 

පියාපත් සොයා ගෙන
 

සිත් පිරිමැද ලියන
 

වචන දමනය නොකල
 

රැඩිකල් සෞන්දර්ය අතර
 

හුස්මක් කටක් නැතිවම
 

ඉගිල යමි ලැගුම් හොය හොය
 

පියාපත දිග හැර
 

නිදහසක් පියාඔා යන්නට
 


සොයන මුත් හිත තදකර
 

අත්තටු කුමට මට
 

ඉගිල යනු බැරි කොට
 

@අසම්මත/16/08/07/@
10 Comme

Saturday, August 5, 2017

මම ඔබ ඇය


ඇයයි මමයි

මමයි නුඔයි

ඔයයි මමයි

අඩු වැඩිය ලං වෙලා

හුගක් දුර ඈතක ගියා
 

තුරුළු වෙලා
 

ඈත් වෙලා
 

ඒ රස වින්දා
 

ඒ දුක වින්දා
 

මම දන්නා
 

නුඔ දන්නා
 

ඇය දිනුවා ඇය යන්න ගියා
 

අපි දෙන්නා
 

ඒ ගැන හිතලා
 

සතුටු වුනා දුක ගැන හිතුවා
 

ඔයයි මමයි
 

මමයි ඔයයි
 

අප අපි ගැන දෙඩුවා
 

මොනවද දැනිලා
 

මම ඒ ගැන ලීවා
 

පටලැලිල ලීවා
 

නොහිතම ලීවා--------------------------!
 

@අසම්මත/16/08/05/@

ඇහිපියන්යට


ඇහි පියන් යට

නුඔ රැදෙන කල

මනස් ගගුලේ

ගලන දිය රළ

ඇසක් තුරුලේ
 

පෙම් කෙළිනවද
 

මටත් නොදැනේ
 

මා හොයන සද
 

නුඔද ලදුනේ
 

ඒ කොමළ ළද
 

දැනී දැනෙනා
 

මේ සුවද මැද
 

මටත් නොදැනිම
 

හදට වැදුනෙද
 

මලක් සුපිපී
 

හමන මුව රද
 

ඇහිපියන් යට
 

රහසේ වැසුනිද?----------------
 

@අසම්මත/16/08/05/@
5

කත


ඇය සොරකම් කර ගතිමි

ඇයට නොදැනෙන්න

ම සිත පමණක්

දැන ගතිමි ඇය

උඩ යට හිත යන
 

ස්ත්‍රියක ඔහේ පාවෙන
 

සැලෙන දේ දැක
 

ඉබේ ඇස් යන
 

කළු සුදු චරිතෙක
 

කළු ඉවත හල
 

ඔළුවෙන් හිටගෙන
 

නෙත් මානණ ළද
 

දන රින කොතනද
 

ඇය එකතුවන තැන
 

පත්තිනි යන එන
 

පෙර මග හිදි කත
 

@අසම්මත/16/08/0/5/@
11 Co

ඉරපාන


අපට හිමි තැන කොතැනද


පිය ගැට්ට පාමුල පමණද

හව්හරණක් නොතිබුණත් අපමණ

සොහොයුරු සෙනෙහස කිරිවැද

පැහෙන විට තුරුලට ලැම
 

මල්ලී මට මගේ හද මැද
 

උඔට මට හිමිතැන කොතැනද
 

අව්ළුවා ගොඩක් දුක් ගින්දර
 

දැවෙන මා හිත අද්දර
 

ඉදින් මල්ලියේ නැගිටපන් ඉදුවර
 

අදක් නැතිමුත් හෙටක් ඇතිකොට
 

පීඩනය පුපුරාද ගිනි පුපුරට
 

ඇවිල යාවිය මහා උඩ මැදුරට
 

පහල ඉමු එතෙක් අපි පියගැට
 

අදුරු මැද නැති පායන ඉරකට
 

කුමට අඩා වැඩක් නොම කදුළට
 

හසුව සුසුම් නගන රැළි අහුරට
 

දවා හළුවනු අසමානතා වැට
 

එක මග පැමිණ එක කුසකට
 

අතාරිනු බැරි නුඔ සමාන මැණිකට
 

කියමු එළිය දෙන අළුත් ඉරකට
 

මවන්න සුන්දර ලොවක් උඔට මට

@අසම්මත/16/08/05/@
21 Comm

Wednesday, August 2, 2017

සමනළ තටු


ඔය තටු නොඅල්ලමි

රිදෙන නිසා

ඉගිලෙන විටෙක

පිරිනොමදිමි

තටු
 

ඉන්නතාක්
 

කැමති තරමක් කල්
 

රිද්දන්නේ නෑ
 

සත්තයි
 

ඇස් බැල්මකින්වත්
 

මලක් වෙමි
 

මං
 

පෙති හැලෙනකල්
 

ඉන්න--------------------------!
 

@අසම්මත/16/08/02/@
6

රෑණ


අපී රෑණක් වෙමු

එක මිටකට ඉන්න

අපි පිම්මක් පනිමු

ඒ ගංගා ඉව්ර

තරණය කරමු
 

ගැඔුරම දියඔ
 

හමුවනු ඇතී එදින
 

සිතිවිලි මල් පිපෙණ
 

හිනැහෙමු අපී
 

නිම්නයක නැවුම් ගී ගයන-----------------------!
 

@අසම්මත/16/08/02/@
3 Comm

විචාර

අනන්තවත්
පිටු
ඇත
එහි
විවරණ පමණි
කිසිදා
නොලියැවෙන
කවි ගැන----------------------------!
@අසම්මත/16/08/02/@
2 Co

පහන්රැය


අදත් ඒ රෑමයි සොදූර

රැය පහන් කරන තනිව

ඒ කව්ළු පියන් පත්

දැල්වු පහන්

එසේ මැයි සබද
 

ඔබ එනවද අදත්
 

අර සුවද අරන් මට
 

නුඔට දුන් සුවද
 

ඒ ලෙසම හමන්නට
 

ඉඩ දෙමි අදත්
 

එනවනම් රොන් සුනු අරගන්න
 

තනිකමක ආදරය
 

පුරවමි නුඔ හදට------------------------------!
 

@අසම්මත/16/08/02/@
6 Co

සැබෑව
































දැකිය හැකිය
නොයෙක් විදිහට
සැබෑව නොව
මායාව
ඇස් වලට පෙනෙන
විවිධ පාට තවරපු
මුහුණු
හිතු හිතු විදිහට
අැදපු
එක එක ඇස් වලින්
දැකපු
එක එක විදිහට
හිතපු
දැක්කත් නොදැක්ක
වගේ හිටපු
ඇස් ඇතත්
ඇස් වහ ගත්තු-------------------------------------!
@අසම්මත/16/08/02/@
2 Com