Saturday, September 30, 2017

හිස් බව


හිස් බව

පිරවීම

නොපිරවීම

අයිතිය..................

යුතුකම වගකීම.........................
 

කතන්දරයක් අළුත්
 

කාටවත්
 

නොවැටහෙන
 

ඒ නිසා
 

ප්‍රෙහෙලීකා කුමකට ද............?
 

තබමි., තිත...........................!
 

කුතුහලය මට පමණක්ම
 

ඉදිරියක එන.........................

@අසම්මත/16/09/30/@
3 Co

හිස් බව


හිස් බව

පිරවීම

නොපිරවීම

අයිතිය..................

යුතුකම වගකීම.........................
 

කතන්දරයක් අළුත්
 

කාටවත්
 

නොවැටහෙන
 

ඒ නිසා
 

ප්‍රෙහෙලීකා කුමකට ද............?
 

තබමි., තිත...........................!
 

කුතුහලය මට පමණක්ම
 

ඉදිරියක එන.........................

@අසම්මත/16/09/30/@
3 Co

පරිඝණක කවි



අගුරකින් නොලියමි

වැළිපිල්ලේ ද නොලියමි

ගල්කූරෙන්ද නොලියමි

පැන්සලෙන්ද නොලියමි

පෑනෙන්ද නොලියමි
 

පන්හිදක් නොදකිමි
 

උල්පතක් ඇත්තෙමි
 

හිත මතත් ඇලි ඇලි
 

නිදහසේ ගලන ගගුළකි
 

ඇස් දෙකට දැනි දැනී
 

සුරතකට හසුවුනී
 

ඇගිළිවල පහසිනි
 

කඩදාසී ගොළු බසිනී
 

කියන හද තෙත සොදනී
 

මත ලියන්නේ කී පුවරුවෙනී.............

@අසම්මත/16/09/30/@
18 Comm

ඉකිබිදි ආදරය


උඹ හිනාවෙනකොට හරි සුන්දරයි

ඒක

මට

වඩාත් දැනුනේ නම්

ඇකය මත තනිවි.........
 

අඩලා ඉවරවුනාමයී
 

ඉකිබිදපු ....
 

උඹේ මුණ දුටුවමයී....................
 

ඒ මදහස
 

සිපගන්න හිතෙනා ඈතට දුරයි....................
 

ඒ වෙන කව්රුවත් නෙමෙයි
 

මා සෙනෙහය අව්ලන උඹ තමයි...................
 

මේ මට හිතෙනා හැටි ඇත්තමයි..........................

@අසම්මත/16/09/30/@

කියවීම


ලෝකයාගෙන් නොවෙයි

මම

අහන්නේ ඔබෙන්..............

මම

ආදරෙයි ඔබට...................
 

ඔබ
 

ආදරෙයි ද ..................?
 

මට......................................!

හිතන්න ඒකට එච්චර

කොච්චර කාලය ඕනද...........?

@අසම්මත/16/09/30/@
25 Comme

බාදුරා මල්


මට හිතෙන දෙයක් ඇත

බාදුරා මල් ගැන

ගරහන්නේ ඇයි තව

ගැහැණියට සමකර

ගොදුරු වී මල්වල
 

දැවටෙනා ජීවිත
 

පලිගසන්නෙම බාදුරා මල්වල
 

මකරන්ද කෙමිවල
 

දැවටිලා හෙමිහිට
 

දඩයමක් කර ගෙන
 

ඉවත යන්නට බැරිවු කල
 

පලිගසන්නෙම බාදුරා මල්වල
 

ගැහනියක් බාදුරා මලක් වෙනවද.........
 

ගතු කියන අය
 

නොදොඩන්නෙ ඇයි තම අඩුව ගැන...........

@අසම්මත/16/09/30/@
6 Co

Thursday, September 28, 2017

කදු


නුඹට පෙනෙන්නැති

මට කියා ගන්න බැරි

ලියා ඉවර නොකල හැකි

දුක කන්දක නැගි

ගිලෙමි කදුළ සැලි
 

හිදිමි සසර ගැලි
 

කරපු පවක වෙලි
 

නිමා දකිනු රිසි.................

@අසම්මත/16/09/28/@
4 Com

හැගුම් සහසක්.........


සුසිනිදු ද ප්‍රේමය

ස්පර්ශයක් දී

ත්‍රීව්ර කර

හිටි ගමන් පලා යන

නොකියාම
 

සැගවී
 

ජනනය කර
 

නෙක නෙක
 

හැගුම් සහසක්......................................
 

ඇමතුමක තබා
 

කවි ඇසෙන නිම්නයක
 

හුදකලා හිත........................
 

තෙපලමි ශෝකය
 

නොඇසෙන්න කාටවත්...........

@අසම්මත/16/09/28/@
14 Com

අගිස්සක හිත


හීනීයට හීරූවත්

හිත අගක සීරුවෙන්

වේදනා දෙන්නේ ඇයි

මහ වේදනාවක් වෙමින්

කුඩාවට ඇරැඹුවත්
 

ගලන ගග අගිස්සෙන්
 

නිමාවක් වෙන්නෙ නම්
 

දෝර ගලලා මුවදොරින්
 

කදුළු නොනවතින
 

ප්‍රේමයක විරහවෙන්
 

ලියන්නම් කතාවක්
 

ඇසුනීද සවනතින්
 

ලෝකයා දකීවී
 

රේඛාව තබා ගිය
 

කැළල් ඇති ඇස් මතින්
 

සිත දවන හැගීමක
 

ප්‍රේමයක් තැවරුවේ ඇයි ඉතින්...............................!

@අසම්මත/16/09/28/@

පාට තවරන්න


මේ අදුරු යාමයයි

මේ අකල් වෙලාවයි

ඇත්තක්ද තිත්ත වෙයි

කියන්නම් ඉවසා ඉදින්...................................

ඇස් රතුවන්නේ නම්
 

දුක් සුසුම් වලටමයි
 

වියලිලා ඇතත් ඇස්
 

නිමා වුන ගැලු කදළුවලටමයි
 

උඹ ලගින් ඉන්න දැන්
 

මගේ සුසුම් හරි හැඩයි.....................
 

එහි පාට තවරන්න
 

උරුම නම් උඹටමයි............................

@අසම්මත/16/09/28/@
6 Comm

Wednesday, September 27, 2017

අත් නොහරිමී


ඔබ අඩගසන හඩ මට ඇසේ

සෙව්ව මුත් ඇස අයා

ඇතිවෙනා නැතිවෙනා සිතුම්

එහෙත් මියගොසින් බොහොකල්

විස්වාසයක් සැගව සැරි සරයි
 

ඉපදී නැති හැටි හැඩයි
 

පාපයක්දෝ බෝහෝවර හැගෙයි
 

එන්න නම් තව පමා වෙයි
 

ඒත් අදහස අත් නොහරිමී
 

බලන් හිදීමි හිත පිරෙන තෙක්
 

මියගියත් හිත ඔබ ලගයි
 

උත්තරීතර බැදීම ද පන නළ ගසයි
 

වපුල බිජුවට පළ දරයි

@අසම්මත/16/09/27/@

ප්‍රහෙලිකවක්ද............?


විදිමි

එහි සුවද පමණක්

නොදැනෙන්නට

ඔබට

ප්‍රේමය කෙතරම්
 

ප්‍රහෙලිකවක්ද............?
 

ඔබ
 

අසනවිට මගෙන්
 

අරුත් දැනගන්න නිතරම
 

ඇවිටිලි කරකර
 

වචනයෙන් තොර
 

ඇස් වලින් විතරක්ම.....................

@අසම්මත/16/09/27/@
4 Com

Tuesday, September 26, 2017

පනිවිඩ


සංදේශයක් නොලියමි

එස් එම් එස් එකක් ලියමි

ඔබ වටහා ගනීවී

එවිට

බිසී නිසා හනික
 

මම ඉන්න බව ලගම
 

ඩිලීට් නොකර කියවන්න...................

@අසම්මත/16/09/26/@
9 Comm

එපමණයි

ඒ හැම දෙයක්ම
කල හැක්කෙ
ඔබට පමණක් ම බව
මට වඩා හොදින් දන්නෙත්
ඔබම වග
මට දැනෙනකොට
එපමණයි ඒ කතාව

තව දිගට ......................................
@අසම්මත/16/09/26/@
6 Comm

තිත්ත


එහි තිත්ත ඇත

තව දුරටත්

මී තැවෙරෙන තෙක්

බලා හිදිමි

මිරිගුවක් ද පෙනෙන් නෑ
 

තවම මට..........................

@අසම්මත/16/09/26/@

6 Comm

Sunday, September 24, 2017

උත්තරය


මට උවමණයි

වෙන දෙයක් නොවේ

හදුන ගන්න.....................

කව්රුවත් නොවේ

නුඹව
 

කිසිදාක මා සමත් නොවන
 

විභාගය
 

එය විය හැක.....................
 

උත්තරය හරි
 

ඒ ලීවේ මම නොවේ ................

@අසම්මත/16/09/23/@

අභිනික්මන


සියල්ලම අමතක කල හැක

එක දෙයක් හැරුනු කොට

මට හිතුන නිකං ඉන්න දෙන්නැති බව

දැනගන්න ඕනම දේ

ඒ එකම දේ පමණක් ය .................
 

වෙන ඉතින් කාට ද?
 

ඒ දේත් දැනගන්න ඕන...................
 

දැන දැනම ලං වෙන්න

@අසම්මත/16/09/24/@
5 Comm

අවුල


ජාත්‍යාන්තර වීම

පංතිය නොදැනීම

සකබර්ග් ගේ හිතට

ඉනිමග තියා ගොඩවීම

කවි වගේ කෑලී එකතු කිරීම
 

ආපදා වලට හසු වීම
 

ලට පට එකතු කිරීම
 

පසුබැස යාම
 

වෙනස් වීම
 

ජීවිතය නිරුවත් කරලීම
 

ඔබ අනුගමනය (නො)කිරීම
 

පාපකර්මයක දැවටීම
 

ප්‍රහර්ශය හා එක්වීම/නොවීම..................
 

කවිය සොයමි පිළිවෙල සොයමි
 

අනු දැන වදාරණ සේක්වා
 

ඝණදුරු රැයක අරුණළු එයි ද,?
 

අග මුල කොතැනද.............

@අසම්මත/16/09/24/@
2

සද ඈවර වීම


ආයෙත් නම්

හිනාවෙන්න එපාමැයී

සද

එච්චරයි ඉල්ලන්නේ

ඉතිරි වුන එකම වරයකින්..............
 

අහන්නෙත් නෑ කවදාවත්ම
 

පායන්නේ කවදද...........කියා......?
 

ආයෙත් නම් ඇත්තමයි
 

ඇසුනිද..........
 

සද

@අසම්මත/16/09/24/@

Friday, September 22, 2017

අවසාන කදුළ


කිසිදු වග විභාගයක් නැතිවම

තිබු ඒ කදුළ

උදුර ගත්ත

මහ මුහුද

කිසිදු ගනනක්
 

නැතිව.......................
 

මම ඉවත නොළණ කල

@අසම්මත/16/09/22/@


5 Co

මිතුදම්


ඉලක්කයක් ඇත

දිනය වෙන් කරපු

දිරිය කප්පරක් වගෙයි

ලෙන්ගතුද මිනිසුන් මේතරම්

හිතා ගන්නත් බැරි සෙනෙහසක්
 

හිනාවෙන්නෙත් අඩන්නෙත්
 

මිනිසුන්මමයි කියන්නෙත්
 

කවියක්වෙලා ලියෙන්නෙත්
 

හඩක දැවටී ඇසෙන්නෙත්
 

නැවී දිග හැරී දිලෙන්නෙත්
 

නම පවතින ලෙස රැදෙන්නෙත්
 

චතුර චතුර ලෙස කියන්නෙත්
 

අන් කෙනෙක් නොව මිනිස් කම් දත් මනුසතෙක්
 

හමුවිනිනම් දිනක මතකයක්
 

සදාකලික මිතුදමකි පවතිනා ඉන්න තෙක්

@අසම්මත/16/09/22/@
10 Co

Thursday, September 21, 2017

අදුර



අදුර මැද හිදිමි

අදුර මැද ගුලිවීමි

ඇසි පියන් වැසිනි

මගේ ඇස නිදිනි

හිත එනමුදු දොඩති
 

අදුරට ඉඩ දීමි
 

එයට අවනත විමි
 

කවි හිත අතගාමි
 

සුදු ඉරක කවි ලියමි
 

ඔබ නිදි බව දනිමි
 

මෙය ඔබ ගනු මැනවි
 

ඇස නුඹ ලග රදමි

@අසම්මත/16/09/21/@
7 Com

සිනාසීම



නිදහස විතරක් ම ඇති

නොඅහ ඉන්න ඇයි කියා විතරක්

මේ හිසට දරන්න බැරි බරක්

වාව ගන්නම් මං

දැනෙනවා ඒ බරින් කොටහක්
 

උඹ හොරෙන් අරන් ඇවිදින්
 

දුකයි ඒ ගැනත් දැං
 

දුක මට පමණක්ම දීපං.......................
 

මං කැමති උඹ හිනාවෙලා හිටපං

@අසම්මත/16/09/21/@

14 Co

Tuesday, September 19, 2017

සටහන


මේ ගේට්ටුව හැර තබමි නිතර

එහි ඇවිත් යන්න නිදහසේ

බාධක කිසිත් නැත ඔබට

එහි ඇති දෑ අරන් යන්න

විදින්න හැකිනම් සතුට හැකිතරම්
 

ගන්න ඇති දේ ගන්න දෝතටම
 

දෙන්න කැමතිනම් දෙන්න
 

සාරය උරා ගත් හදවතට බුද්ධියට
 

මේ පිටුව ඔබටමයි මා දැනුන දේ ලියන
 

තබා යන්න සටහනක් මාවතක් හැර
 

වසා යන්නෙපා ගේට්ටුව ඉබ්බන්ට බාර දී
 

ඒගොමුවේ පිපෙනු ඇත දහසක් මල් පාට
 

වැටකඩලු බැද නැතී සුගන්ධය විහිදෙනු ඇතී

@අසම්මත/16/09/19/@
8 Comme

නිදහස් ගමන


නුඹ මා දමා යයි

මම ද නුඹව දමා යමි

අපට කඩ ඉමක් ඇත

එයට මිනුම් දඩු ද ඇත

වෙන්ව යන්නට වුමනා බව
 

නිතර කියනා හඩ
 

මට නිතරම ඇසෙයි
 

කුමකට ද මේ වෙන්වීම
 

උඹට ඇවැසි නම්
 

මට නුදුන්න දේ ලග තියාන
 

යන්න නුඹ නිදහස්ය
 

මම ද නිදහස්ය
 

ඒ බැදීම් වලින්මය
 

නුඹ මම බැදී........................................
 

මතක විතරක් සක්මන් කරනු ඇත
 

ලේ ගලන හදවත් දෙකක...........

@අසම්මත/16/09/19/@
9 Com

සමුගන්න


එපා නම් සදහටම

සමුගන්න තිබුනා

මතකය අළුක් කාලක් නැතිවම

මටත් යන්නටම තිබුනා

පා සළකුණකුදු නොතබාම
 

මූණිච්චාවට බැදි ප්‍රේමය
 

ඔළුවේ අතගහගන්න තරමට
 

වැටුනේ කල්පනා සයුරට
 

අතරමං වුනේ උඹ නොවේ
 

කොදෙව්වක දිවි ගෙවන මම
 

අලකලන්චිය විදිමි තනිවම.......
 

ආදරය කටු ඔටුනක් තමයි වරදක........
 

@අසම්මත/16/09/19/@
6 C

සරදම


නොලිය ඉන්නම්

එක අකුරකුත්

නොදොඩ ඉන්නම්

එක වදනකුත්

සැගව යන්නම්
 

ආයේ නොඑන්නම....................


ගලන කදුළු වලට

එන්න බෑ.........ඉතින්

සපුරාම තහනම්

සුසුම් වලට නම්

ඉඩ දෙන්න පුළුවන්....................

ලීවේ උඹටමයි

තනිකමට ඇයි ද සරදම්...............

@අසම්මත/16/09/19/@
5 Com

Friday, September 15, 2017

කදුළ


නොදැනීම

කදුළු බිදුවක්

ඉද හිට

වැටෙනාවා

අම්මේ...................
 

නොහිතෙනා වෙලාවකට
 

මටත්

@අසම්මත/16/09/15/@

සදක් ඇති රෑක


හිතන්නෙත් නැතුව

දන්නෙමත් නැතුව

සදත් නොදැකම

මලුත් පිපෙනවා

මලුත් දන්නැතිව.................
 

සදක් ඇති රෑක
 

ඇස් වලත් නොගැටීම
 

සුවද සුළග අරගන්න...............

@අසම්මත/16/09/15/@
4 Comm

ආත්මය ඇවිටිලි කරයි


ගොදුරක් නොවී ඉන්න

කාගෙවත් පෝෂණයකට

නතු නොවී

ආශයි රැදෙන්න මියෙනකම්

කිදුරියක් සොයන ඇස්
 

මගහැර ඉවත දා
 

ආත්මය ඇවිටිලි කරයි
 

ගී ගයන්නට ඒ වුනත්
 

කාටත් ඇසෙන්නට
 

දිළෙන්නට හිත් මතත්..................
 

පෙනෙන්නට ඇස් වලත්

@අසම්මත/16/09/15/@

3 Com

Thursday, September 14, 2017

ඇගයුමක් එපාමැයි

ඇතුලාන්තය කවරාකාරද

නොදනිමි කිසිත්

අහුමුළු වං හුං

පිටත හිද සිතමි

වරක් දෙවරක් නොව සියවරක්
 

නිදහසක් වෙයි නම් සිතන්නට
 

නිදහසක් දෙයි නම් ලියන්නට
 

ඇගයුමක් එපාමැයි
 

සිරගෙයත් කදිමැයි ලගින්නට
 

වරදකුත් කුමටෙයි රදන්නට
 

එක හඩක් ඇතිමැයි අයුක්තියකට
 

නගයි නම් වරක් හඩ ගා කියන්නට
 

එය පමණකි ඕනා දඩුවමකට
 

යුක්තියක් දෙසනා නිබදවම
 

රටක් නම් මේ දීනු දේශය...........................
 

ධර්මයම රකීනා දීවා රැය
@අසම්මත/16/09/14/@
13

Wednesday, September 13, 2017

මත් වුනත් ආලයේ එලියයි

සිහිනයෙන් ඇවිත්
කියු රහස්
මට නිදිමතයි
හිස බරයි
පුපුරු ගහයි
දැන් පැලෙයි
මම මැරෙයි
කුමකට ද බිය
මට දැනෙයි
ආදරය අන්ධයි
අහිමි වීමයි දරනු නොහැකියි
දුකම කදුළුයි
විරහ ගගුළයි
හාදු දී වෙන්ව යාමයි
සෙනෙහසට උරුමයි
වැලපිල්ල පමණයි
ශේෂ විමයි මග අතහැරීමයි
තරුවලට රහසින්
ගීත කීමයි ගොළුබසින් දෙඩීමයි
ආලයේ හැටි එහෙමම තමයි.............
රෑට සද එළිය පමණයි
ශිත චන්දන ලපලු හෙවනයි
මත් වුනත් ආලයේ එලියයි
වින්දොතින් ප්‍රේමයත් පරම රමණීයී

@අසම්මත/16/09/13/@
2 Comme

Tuesday, September 12, 2017

හැදිනිම


මහාමේරුව බරැ,ති

ප්‍රේමයක් වෙයි

සැක නැති

ඒ නුඹගේ දැයි

මම දැක නැති
 

සිත අසන්නෙම ඇයි නිතී
 

නුඹ මාද
 

මා නුඹ ද හදුනන්නැතී..................

@අසම්මත/16/09/12/@
6 Comment

අකුණ


ඒ අකුණු සරය

අන්ධ කර ඇත

කිසිදු කවියක

අකුරු නොපෙන

දීප්තීය රැදි
 

මණස් නෙත්....................

@අසම්මත/16/09/12/@
2 Com

කදුළ


උස්ව නැග ආ

තද කළු ගලුත්

එහිම වෙති බොහෝ

නිසල දියකට

දුකක් සසල ව
 

ගෑවී ගෑවි කියන්නට
 

රළ රැළි ත් හඩනා විට මුමුණ මුමුණා..........
 

@අසම්මත/16/09/12/@

බැමි


සියළු බැමි

සිදී බිදී ගිය දා

එකම හූයකි පැවතුනේ

අසම සම

ආදරය පමණී
 

ඉන් බැදී
 

නොකැඩී ගියේ.................
 

@අසම්මත/16/09/12/@
1 Co

සැගවීම


සගවා ගමි

බොහෝ දේ

ඒ අතර

නුඹ සොයන

ප්‍රේමය ද වෙති
 

බොහෝ දුකක් ඇති................

@අසම්මත/16/09/12/@

5 Comm

Monday, September 11, 2017

අසම්මත වරුණ


අහම්බයක් ඒ හමුවීම

ඇස් කෙවෙනි රිදෙන

මතක පමණක් රැදුන

සුසුම් අහුරක් පිපුණ

හදවත ගොඩක් රිදුන
 

ඈත පෙනෙනවා තවම
 

බැරෑරුම් මලකඩ බැදුම
 

ඇස්වලට ඉරි අදින
 

අවටුන්ය බැරි අන්ධ
 

රවටන්න ඇයි නරක
 

අසම්මත පුර වරුණ
 

ගිලි කිමිද ගිය
 

නුහුරු හමුවක සුවද

@අසම්මත/16/09/10/@

වස්තුව


බහාලමි වටිනාම වස්තුව

මට වැඩක් නැති

කෑදර කමින් නිතර

නුඹ ඉල්ලන................

පෙට්ටියකට ගැට ගසා
 

දමමි විනිවිද පෙනෙන්නට
 

සූරා කෑම අහවර නොවු
 

කාලය කන ආදරයක......................!

@අසම්මත/16/09/11/@

3 Com

Saturday, September 9, 2017

හිත් ඉසව්ව


ඉඩෝරය දරුනුවට

හිතට විත් ඉරි ගසන කොට

කිසිත් නොලියේවි

කියවන නුඹගෙ ඇස් වලට

ග්‍රිස්මය නිමාකොට
 

වසන්තය එයි නේද
 

එතෙක් ඉවසන්න
 

කියවන්න මාව
 

ලියන අත් හිරි වැටි
 

රිදුම් දෙයි තාම
 

දොරගුළුද වැසී ඇත
 

මගේ සිත් පොජ්ජ අරන් වසා දැම්මේ උඹ නේද..........?

@අසම්මත/16/09/08/@

පැටලීම

යමක් වෙයි කියාගන්නට බැරි
කලබලයි හිත නොදැනුවත්වම
ජාලයක් වී පැටලි පැටලුන
ලිහාගන්නට නිතර දගලන
පෙනෙන්නැති ගැට ගොඩක් මැද
එකක් ලිහිව්ද දෙකක් වෙන
අව්ල වැලකට එතෙන හැඩකම
ලතෙත් හිත නිතර දුක දෙන
මටත් නොහැගෙන ප්‍රශ්නයක් හිත...............................?

@අසම්මත/16/09/09/@
8 Co

Wednesday, September 6, 2017

දුර කියන්න

නිද්‍රාව
මගේ ඇස්
අරන් ගිහින්
කෙතෙක් දුරදැයි
නොදන්නෙමි............................
ඔබට පමණකිය හැකි
එහි
දුර සොයන්න.............................

@අසම්මත/16/09/06/@
8 Comment

ඔබ එන්න


මට නොහැකි නම් එන්න

ඔබ අැවිත් යන්න

පියාපත් නොමැති නම් ඉගිලෙන්න මට

මා ලගට ඔබ එන්න

පෙදෙහි රස හව් විදින
 

ඔබට මේ තුන්ලොවම
 

දැනේවී ඔබටත් එවිට
 

ආත්මය මගේ තටු ගසන
 

මං මුලා නොකරන්න මම
 

දුටුවොතින් නෙත් තබනු මට
 

සැමදාම මම ඔබගේ ආදරය
 

පෙරලා පුදනු මැන දිවියකට සතුට
 

ඔබට සෙනෙහස මගෙන් ගන්න
 

ඔබ එය හැකි තරම් ගන්න
 

මටත් ඔබ සෙනෙහස දෙන්න....................
 

වයන්නම් එනතුරා මගේ සෙනේ ගීය
 

@අසම්මත/16/09/06/@
7 Com

Tuesday, September 5, 2017


ස්තුතීයි ලක්බීම

ෆේස් බුක් කවි දකින ඇසට

අප නොදැන සිහිනයක රැදෙව්වට

@අසම්මත/16/08/28/@
26 Com

සදකට හැකිය


සදකට පුළුවනිය

තුරුඅග මල් තියන්න

තරුවලට හැකිය

කවියකට ඇස් දෙන්න

රැයක හමන සුළං අහුරකට
 

නොහැක්කේ මන්ද
 

නුඹ මා වෙත
 

කැන්දන් එන්න

@අසම්මත/16/08/30/@
19 Co