Tuesday, March 27, 2018

කළු සුදු

නොසිඹිමි

කටු ඇති ඔය දෙතොල්

සිප ගමි

සියුමැලි නුඹ සිතුම්

හැරයමි
 

අසුන්දර ඔය නුවන්
 

අසනෙමි
 

මනරම් නුඹ වදන්
 

නොදකිමි
 

කවදා එක්වන වරම්
 


කළු සුදු
 

කෙදිනද පෑහුනි රනින්
@අසම්මත/17/03/26/@

දන්නවා

මම දන්නවා
මට දැනෙනවා
ඒ ඇති ද... කියා
නොම හැගෙනවා
ඔබ සතුටුවෙන තැන
මම හොයනවා.....
කස්තුරි සුවද සුළගකට එතෙනෙවා
කල්පයක් දුර මම ගෙවනවා
ඔබ එන්න එතකම් ඉන්නවා
නිසංසල සමනල සිහිනයක් දකිනවා

@අසම්මත/17/03/27/@
6 Co

Friday, March 23, 2018

සම්ප්රදාය


ගොතිූකයෝ උනත්

ආදරය විදිනවා

බැදීම පැවතීම මේ හැම දන්නවා

ඉතිහාසයක් ආඩම්බර කමක් එක්ක තියනවා

හිතන විදිය සම්පුදායිකය කියනවා
 

ඒත් පටු විදිහකට නොවන
 

අපේ කම රකිනවා
 

අළුත් අරුණැල්ලක සිහින
 

නිරතුරුව දකිනවා
 

මායිමක් කුමටදැයි අපිටත් හැගෙනවා
 

කොදෙව්වක තනිවෙන්න මැලිකමක් තියනවා
 

සිතන සිතිවිලි ලොවට දැනෙනවද අහනවා
 

@අසම්මත16/03/23/@

පියාපත් තිබුනා නම්


ඔබ කියන තැනකට එන්න තිබුනා

පියාපත් තිබුනානම්

ඔබ නොදැන කියනා පෙම් කතාවේ

ඉමක් දැනුනා නම්

සැගවිලා ඔබ යන්න යයි
 

හැබෑ බව එය නම්
 

පියා සලා යන විහග රෑනක
 

කිචි බිචිය සරදම්
 

අහිංසක වග කියා කුමටද
 

ඔබට නොදැනේ නම්
 

අත්තටුත් ඇත හිතක් අද්දර
 

හිතලුවක් නොම වේනම්
 

දෛවයට ඉඩ දී බලා හිදිමුද
 

හිරු සැගව යා නම්
 

හිතක් එඩිතර දිරිය අරගෙන
 

යමක් නොකරයි නම්
 

ලොව ගමන් යයි හිතු මනාපෙට
 

ඔබ මාත් එකතැන නොවී දෙතැනක නම්.......

@අසම්මත/17/03/23/@

එක මලක්


එහි මල් පරව තිබුනා බොහොමයක්

ඒ අතර තිබුනා එක මලක්

එහි සුවද තිබුනා මහ ගොඩක්

එය විදගන්න නොදෙනා හැඩක්

තේරුනා ඉඩ නොදී සුළගට ගිහින්
 

ඒ මලෙත් පෙති සිදිලා හොරෙන්
 

යන්න ඇත්තේ ඒකයි සුළග එක්කම රහසින්
 

හැලෙන බව පෙති නොදැනම හිතින්
 

සුවද පමනක් ලස්සනම මලකට දුන්නේ බබුන්
 

විදගන්න ඇයි අවසර නැත්තේ නෙතින්

@අසම්මත/17/03/23/@
39Nimsara Perera, Jayani Ama Somarathne and 37 othe

Thursday, March 22, 2018

ඈතක දුරස්ව ගොස්


ඔය මං කැමති ඇස්

ඔය බැල්මට මං කැමති ඇයි

මං අහන්නේ මගෙන්ම

බලා හිටියෙ පාරමී පුරල

ඒත් ඒක මිරිගුවක් බව දැනුනේ
 

ලංවෙන්න ලංවෙන්න
 

නුඔ ඈතක දුරස්ව ගොස්
 

නොපෙනෙනා ඉසව්වක
 

සගවලා ආදරය නොදෙන්නම
 

ඉතිං මම බලා සිටිමි
 

කප්සුවහස් කල් වුවද
 

ඒ ආදරය විදින්නට
 

@අසම්මත16/03/19/@

කියනවද උඹ ඇත්තටම


ඉතිං ඇඩුවද ඔබ

කදුළකට කැලලක් වන්නට

පොරොන්දු වුවා මතකද

රකිනවා පොරොන්දුව දිවි කොට

ආත්මය අප වෙත ඇති කොට
 

මායිම් පව්රු සීමා කොට
 

බැන්දත් දනන් අප වට කර
 

රහස රකිනෙමි උඹ රදන්නට
 

කියනවද උඹ ඇත්තටම
 

සත්තයි ආදරේද මට
 

අදහ ගන්නත් බැරි තරමට

@අසම්මත/17/03/16/@
4 C

මෙත් සිළිලාරේ


පුරා සද නැගෙන යාමේ

නුරා ඇස් සොයන ලීලේ

නිවා සත් සිත් දැහැමි සීලේ

වවා ගමු හද මෙත් සිළිලාරේ

@අසම්මත16/03/22/@

මේ සසර


බොහෝ පෙම් බැද

පසු පසම ගොස්

නුරා හැගුම් සමගින්

කාලයේ අවසන නැවතුම

තවත් එක් රුවැති සිරුරක
 

අවසනයි මේ සසර කෙලවර
 

අද හොදද පුන්සද නැගෙන හවසක
 

මුනි දෙසු දහමේ ඇලෙන්නට
 

නිවා සැනෙහෙමු හිමිගේ ඇරැයුම
 

කිමද තව පමා හිතවත
 

පැමිණඇත නික්මෙන්න
 

අදුරු තිර ඉරා සපැමින
 

අරඔමු සසරක අවසන
 

@අසම්මත16/03/22/@

ගැහනියක්


මම ගැහනියක් තමයි

වගකීම අකුරටම ගත්ත

ඒත් මම දනිමි

මගේ ගමනාන්තයේ නිමාව ගැන

නුඔ සිතන විදියකට නොවේ
 

ඒ ගමනේ ඇරැඔුමත් අවසනත්
 

සිනාසෙන්නට සිටින නිරතුරු
 

නුඔ නිසාමයි නිවැරැදිම එල්ලය ගන්නේ
 

ඒ ඇස්වලට තේරෙන්න
 

මටත් කල හැකි විකුම් බල
 

@අසම්මත16/03/22/@

අළුත් පාරක


මං මේ බලාන උන්නේ උඔ දිහා තමා

උඔ ජීවත්වෙන ලෝකේ

ඒකේ මට අමුත්තක් දැනෙනවා

මම දන්නවා උඔට මම ? වග

මම ? ක් කර ගන්න එපා
 

ඔය නෙත් ඉවත ගනින් මා ඇසින්
 

කිසිදු ඉගියක් නැති
 

කිසිදු හැගුමක් නැති
 

අමුම ම අමු ජීවිතය
 

කිසි රහක් නැති
 

විදින්න අරුතක් එක්ක
 

අළුත් ඇහකුත් අරන් වර මා එක්ක
 

අළුත් පාරක යන්න
 

අළුත් ගමනක් යන්න
 

ඇස් අළුත් කර ගන්න
 

@අසම්මත16/03/22/@

මහන්සි දැනුනම


අපි දෙන්නගේ මේ නැටුම

කරළියේ ඉන්න අය බලන් ඉන්නවා

ඒක ලස්සනද ‍කැතද කැමති විදිහට

රස විදපුදෙන් තළු මරපුදෙන්

අපිට මහන්සි දැනුනම
 

මේ නැටිල්ලට ඉසිඔුවක් දෙමු
 

වේදීකාව අදුරු උනා
 

ඒ අල්ල පනල්ලේ
 

උඔ පිස්සු නටන්නද හදන්නේ
 

මං කැමති නෑ ඔය නඩලං වලට හරිය
 

මුං ට අරුන් ට උඔයි මම යි
 

පෙන්විය යුතුමය ආදර්ශයක්
 

ආදරයට කරන්න බැරි දෙයක් නැති වග
 

ඉතිං අපි ඒ ඇස් වලට ඉඩ දෙමු
 

සැනහෙන්න නැලවෙන්න
 

උඔ එකගයිනේ මාත් එක්ක
 

අපි නිසා විදින එක ජීවිතය
 

@අසම්මත16/03/22/@

රාත්‍රිය එන්න.....


රාත්‍රිය එන්න

සනසන්න හිත

විකල් වී ගිය.....

සුසුම් අතර අතැහැර

සුමුදු සුසිනිදු බව දෙන්න
 

කවිය ඔබ කොහෙද
 

මම අදත් තනියම
 

ගිහින් මුමුනන්න
 

කාටදැයි නොකියන්න...
 

ආරාධනා කර එන්න
 

ඇවිත් මුමුන්න
 

කීවේ මොනවාද
 

එයයි මට ඕන
 

රාත්‍රිය එන්න.....
 

මම බලා ඉන්නවා තවම.....
 

රාත්‍රිය එන්න.....

@අසම්මත/17/03/22/@
6 Comm

මිරිගුවක් පසු පස


ඔය ඇස් දෙකේ තිබුනා ප්‍රේමයක්

මා හොදින් දුටුවා මගේ ඇසින්

ඔය හදවතේ තිබුනා මහ දුකක්

මගේ සවනතට ඇසුනා හැම රැයක්

ඔය සුරත් වෙව්ලුවා හැම දිනක්
 

අප හුස්ම ගන්නා තෙක් දුරක්
 

අහක බලන් යන්නට හිත නැතත්
 

ඔබ යන්න ගියා නොකියම දුරක්
 

මිරිගුවක් පසු පස යාම මත්
 

ඔබට වැටහෙන අරුතක යමක්
 

අතැර දැම්මම ආදර හිතක්
 

බිදී යයි තව ප්‍රේමයේ කවක්
 

ඒ අපතර තිබු ලොව නොදන්නා යමක්
 

ඒ එකට එක් නොවන ප්‍රේමයක්
 

අපි අප නොදන්නා ප්‍රේමයක්

@අසම්මත/17/03/22/@
6 Comm

Friday, March 16, 2018

දිය බිද


ඈත මරු කතර

ඇති එක තුරක් වෙත

ඒ මමය

නුඔ දන්වා ඒක

මම දිය බිදක් වෙනවා
 

ඇත්තමයි සත්තකයි
 

නුඔට
 

හාරපන් නිය අගින්
 

මේ තුරු යටට වැද
 

මට පේනවා උඔ ගේ
 

ඇස් දිලිසෙනා රහස
 

@අසම්මත16/03/16/@












5 Co

ඇස් මානය


ඔබ බලා ඉන්න

ටිකක් ඈතින්

ඉඩ දෙන්න

ටිකකට තනිවෙන්න මට

ඔබ කියපු වචන වල
 

බැරෑරුම් බව හදුන ගන්න
 

මං කියන තුරු ඉන්න
 

මං ඔබට ලංවෙන්න
 

සිහිනයක් වී මම එනකම් බලාන ඉන්වද
 

ඇස පෙනෙන මානයක
 

@අසම්මත16/03/16/@

පුදුම මල්


මෙහෙම මලුත් පිපෙනවා

අපි ජීවත් වෙන මේ අවටම

ඒ දකින්නත්

ඇස් පිංකරා

මට විතරක් නෙමේ
 

උබේ ඇස්වලිනුත්
 

දැක්ක අසම්මතයේ පිපෙනවා මල්
 

@අසම්මත16/03/16/@





4

සගවාගැනීම


ඉතිං පියා ගන්න ඔය නෙත්

මා නැවත එනකම්

රහසින් කියයි සුළං ඇවිත්

විවරකර දෙනුවන් එවිට එන්න විගසින්

ඔය ඇස්වලට ආදරෙයි මං
 

ඇයි මං ආදරේ ඔබට මේතරම්
 

සොය සොයා ඇවිදිමි කතරේ මං
 

ඔබ සගවා ගත් යමක් හොරෙන්
 

හද කිතිකවනවා සූරමින්
 

මං හොයනවා තවමත්
 

ඇයි මං ආදරේ ඔබට මේතරම්
 

බැදීමක් හද පුරා තවරලා
 

ඔබ හැමදාම මා මත් කලා
 

කුතුහලය නෙත් මතම හංගලා
 

මං හොයනවා තවමත්
 

ඇයි මං ආදරේ ඔබට මේ තරම්.........

@අසම්මත/17/03/14/@
7 Comment

මගීයා

අරමුණක් නැති ගමන් කරුවා වෙමි
ඇයි මම ඔබට ආදරේ........
සොයමි.............
@අසම්මත/17/03/13/@
8 Comm

විමානය


ඔබ ඔබගේ දෙවොලින් බැස ගිහින්

පිය නොනගමි කිසි දින එහෙයින්

නොදැනුවත්වම දැනුනද යමක්

ඒ බොරුව දැන් ඇති බවක්

ඇදන් සළු පිළි සූ සැටක්
 

මවන් හිටියට මහා රස්මියක්
 

නොදිලිසෙන හිමි රන් ඇගක්
 

මිලක් කෙරුවට හැම දිනක්
 

එයත් වැහැරී යයි කලක්
 

නොසිතනු මැන නුඹ පුරගනක්
 

ජාතක කතාවල චරිතයක්
 

ලියවුනේ කොහොමද ස්ත්‍රී සුකොමල ලදක්
 

මානවක සිල් බිදි බලගතු කයක්
 

රුවින් පුරවර සැරි සරු දෙව්ලියක්
 

හිතන්නට බැරි අගනකට රුව මහමෙරක්

@අසම්මත/17/03/12/@
4 Comme

මාවත


ඒ මාවතේ ඔබ සොයන ඉඩ ඇත

ඔබට සැගවී දුරක් යන්නට

නොපෙනෙනා දුර ඔබ යනෙන තැන

මම බලන් හිදිමි

ඔබ කොතෙක් නෙත් මෑනූවත්
 

මාව කිසිදිනක නොපෙනෙවී
 

නොපෙනෙනා කතාවක වග
 

ලියා තැබුවම දිගු සානරයක් වේවි
 

ඒ ඔබ මම එහි සැරිසරා ඇති බව
 

ලෝකයෙන් වහන් නොවී පවතීවී

@අසම්මත/17/03/10/@
6 Commen

සිමා පව්රු


නොදැනීම අසම්මතයේ පුකාශන

මේ තරම් හද දවන

විනාශයක දිග පලළ

ගැඔුරක් නොමදැනම

සරන්නට නොහැකි වග
 

නිදහසක් ඇතිනමුදු
 

වැට පවුරු සීමාව මායිම් ද
 

අනන්තය සිතිජය දක්වාම
 

හිතන්නට වෙයි නැවත
 

කොදෙව්වක් දැනදැනම
 

ගුලිකර සිරකරමි අදහස් හැම එකම
 

අරුමයක් නොවේ පතුලක් නොමැති නිදහසද
 

සිතුවිලි කඩතොළු වෙච්ච
 

@අසම්මත16/03/15/@

තනිකිරිම


මේ වන අරණ මැද

ගෙන දමා තනි කරා

විහිළුවකට කියා නුඔ

සැගවිලා කොහිද නුඔ

හිත දුකට හඩන බව
 

වැටහෙන්න කල් යයිද
 

නුඔ ආදරය මට
 

අවැසිමැය කිසිදාක හැර නොයන
 

@අසම්මත16/03/11/@
4 Co

ඉම


සමනල් හිතකට පෙම්කර

ගිනි මද්දහනේ

රෝස පොකුරකුත් කර තියන්

බලා හුන්නෙම

බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ කියල
 

අනන්තයක් නොපෙනෙන දුර
 

ඉමක් කොනක් නැතුවම
 

බරම බර බලාපොරොත්තු වැටෙනකොට
 

නෙත් අගට කදුළු උනණ හැටි
 

මටත් දැනුනේ රහසින්ම වාගේ
 

සමනළයත් ඉගිල ගිහින් මට නොදැනිම
 

@අසම්මත16/03/09/@
7 Comme

Tuesday, March 6, 2018

පහන


දල්වමි පහන් සිය දහසක්

මේ පහන් සිල හැමට දී

හදේ උපදින පිවිතුරුම

ආදරය කැටිකොට

නෙතක
 

ඝණදුර
 

තුරන්වී
 

ආලෝකයම උපදින
 

ලෝකයම සුදිලෙන
 

@අසම්මත16/03/02/@

3 Comm

ගමන


මේ ගමන හරි දිගුයි

ඒ ඔබ සොයා යනෙනා නිසයි

කෙතරම් සසර සැරුවත්

එය තරණය කල යුතුම යයි සිත කියයි

බලා හිදිනා දිගු නෙතයි
 

සුසුම් අහුලනු දුකයි
 

මේ හැමත් ඔබ නිසයි
 

ඒත් මා ඒ මග දිගයි
 

ඔබ සොයා ලතැවෙන වගයි
 

නොතේරෙන එක මට දුකයි
 

ප්‍රේමයේ විරහාවත් එයයි
 

නුඔ මැවු ප්‍රේමයේ උරුමය මෙයයි
 

තරනය කලොත් කදුළක තියා
 

අප පතා ආ ප්‍රේමයත් සුන්දරයි
 

ඔබට වැටෙහෙන ඒ දිනය අත ලගයි
 

මා බලා ඉන්නේ ඒ දිහයි...........

@අසම්මත/17/03/02/@
5
පවතින්න ඕන ඔය හදවතේ
පවතින්න ඕන ඔය මතකයේ
සොයමි එය කරමී කෙසේ
සතුට නම් නැත තවමත් එබී
අවසාන විනිශ්චය ඔබ සතුයි
කියනවද තීන්දුව බලගතුයි
රහසක් නොවී එළිවෙන එක අගෙයි.
හැරැවුම් ලක්ෂය කොතනකද..?
නවතින්න ඕනමද...
පියනගන්නේ කොයිබටද..
නිවැරැදිම තැන කොතනකද..?
ඔබ සොදුරුයයි නොකියමි
ඔබ කුරිරු බව නොදනිමි
ඔබ මිතුරු බව අගයමි
ඔබ සෙනෙහසින් නම් පසසමි

Thursday, March 1, 2018

කළුසුදු


ද්විත්ව නෙත්

ඔබ මම

කළු සුදු

සුදු කළු

වහල් වීම
 

හිත අගුළු ලෑ
 

සිතිවිලිය මිරිකා
 

හිත නොපහන් කෙරූ
 

@අසම්මත/17/03/01/@

කටුඅත්ත


ඔබ ඇවිත්

ඇමිනෙණ හැටි

හරියටම හදවත මැද

ගලවන්න බැරි ලෙස

වේදනා දෙමින්.......


@අසම්මත/17/03/01/@
6 Comment

තනිවීම


හුදකලා වුනා නොව

හුදකලා කලා ඔබ

මම ඉතින් තනියම

නිදහසක් දෙනවද

හිතන්නට තනියම
 

@අසම්මත16/03/01/@
6

සළුඉනීම


උනාදමා සළු එකින්නෙක

හේත්තු කෙරුවේ බිත්තියකට

කිටිකිටියේ තද වෙන්න

බුරුල්ලක් ඉතිරි නොකරම

අවමන් ගොඩක් එක්ක
 

සුදන පරාදීසයක වෙසෙන
 

හැගුම් පොඩිකර ගත්ත
 

මිනිස් රෑනක් එක්ක
 

නිදහසක් වල දමන
 

අයිතියක් ගැන නොදන්න
 

පසුපසට ඇස් තියෙන
 

@අසම්මත16/03/01/@

තරුපාර


දෑස් විවරකර

බලා හිදිමි මම

ඉදිරියක් ගැන

පාරකියන තරුවක්

පායා එනතුරු
 

එහි එළිය දකිනතුරු
 

පටන් ගැනුමට
 

ජීවන ගැල ඇදයන්නට
 

@අසම්මත16/03/01/@
2

ද්වාරය


මහා ද්වාරය හිත මැද

ඔබ එය අරිනවාද

සුවද හමන්නට හදවත් මැදට

කල හැක්කේ ඔබට පමණී

එහි යතුර ඇත්තේ සිතිවිලි අතරය
 

අයිතිකරු දැන දැනම
 

සැගවී සිටින්නෙ ඇයි ද නුඹ
 

තව තවත් සිරකර අදහස්
 

සෙනෙහස මිරිගුවකි ආත්මාර්ථය පිරි
 

මට කියන්නට ඇත්තේ එපමණකි
 

කවියක් එය ඔබට අවියක්

@අසම්මත/17/02/27/@
එකක් පිට එකක්
ගැහෙන හදවත් දෙකක්
නොදැනුවත්වම නොනවතින බවක්

උපේක්ශාව


ඇයි අදහසක් නැතුවමද

නිකට මත අත තියාන

මං මුලා වුනා වගේ

ඒත් උපේක්ශාව හැර

මිරිකාගෙන සුන්දර සිතිවිලි
 

මග දිග ඉමි බලා
 

උනුසුම් සුසුම් කැටිති කර
 

ඔය පපුතුරට පා කරන්න
 

@අසම්මත16/02/28/@

විලංගු


ඇවිද යනු බෑ

සිතු සිතු ලෙස

විලංගු ලූ දෙ පය

සිරකර තබා

හැගුම් අපමණ
 

තනිවම විදගනු හැර
 

විකල්පය වෙන කොහිද?
 

@අසම්මත16/02/28/@



කව්ළුව ඉරා


මේ කව්ළුව ඉරා

හදා ගත්තේ මම

අදුර පිරි දෑස් ඇර

නුඔ සරන ලොකය

ටිකක් දැක සැනහෙන්න
 

මා දුටු දේ මේ ටිකට
 

මගෙ හිත කළඔවා ඇත
 

අවුල් කර හිත නෙත
 

බලා හිදිමි පලා යන්නට
 

නුඔ දමා ඈත ඉමකට
 

@අසම්මත16/02/24/@
1 Com

උදා පැතුම


උදේ රැයින් නැගිට ගෙන

උණුහුමට කෝපි උගුරක්

පපුව උණුසුමට ගිලගන්න

ඒ එක්ක නුඔ එව්ව

ආදරය පපුතුරට ලංවෙච්ච
 

සංදේශ කව් වැනුම
 

නෙත් මත්කලා රහසින්ම
 

අපුරුම අරුණැල්ල හදවතට
 

දිගුකලා ආදරයේ පනිවිඩය
 

හසරැලි මුව පුරා අරඔමු ජීවිතය
 

@අසම්මත16/02/23/@

මලකඩ


මලකඩ සහිත

සිතිවිලි සුරන

හිත නුඔත්

මලකඩ වලින්

පිරී අැති හැටි
 

@අසම්මත16/02/22/@