Sunday, February 25, 2018

ඉව්රු 2


නුඹ සමනොළ ගිර සරණ විට

මම උතුරු මායිමේ පාවක්කුලමේ

අන්ත දෙකක කදු සහ පල්ලම් අතර

ජීවිතය තව හරස් කඩක්

පය තිබිය යුතු මුත් කේෂමභූමි මත
 

ඇනෙණ කටු රොටු සුමුදු හිතටත්
 

දැනෙනවා නම් යායුතුයි පෙර පවකටත්
 

ඇත්තට ම ජීවිතය ගීයක්
 

දුක් සුසුම් වලට පමණක්
 

කොටු වුනේ ඇයි අපම විතරක්

@අසම්මත/17/02/25/@