Friday, November 18, 2016

ගීයක්


නුඹ නාවේ ඇයි තව කිය කියා 
සිත තාම අහනවා 
යටි සිත සොයා 
කදුළු කැළලක සළකුණු මකා 
හිතට ඉඩ දී වලකනු එපා 

එකම එක හමුවීමක කතා 
සියක් පෙති නෙළුමක ලියා 
සුවද වන්නට හැර පියා 
ඔබ ඉවත යනු මැන මතකය ඉරා 

හදවතක ඉකි බිද කිය කියා 
නෙළුමකට කියනෙමි සියවර සිතා 
පෙති එකින් එක ගිලිහෙන නිසා 
මේ හමුවීමත් මතකයේ කළලක් උනා 

එහෙත් සියවර දිනපතා 
සිත සොයන්නෙම ඒ කදුළක කතා 
අප වෙන්වුනේ දෛවයේ සරදම නිසා