Friday, June 30, 2017

පිහාටුව


සිනිදු පිහාටුවකට

නුඔ

ආදරේ ඇයි

මේ තරම්

ගිලිහිලා වැටුනු තටුවට
 

පාවෙලා අවුත් ලැමදට
 

අරුත් නැතුවම
 

කවියකට ලියවෙනා හා සම
 

වදන් මෙන්
 

මෘදුම මෘදු ලෙස
 

සංතර්පණයක් ද මසැසට
 

කිතිකැවුන නුරා සිතකට
 

@අසම්මත/16/06/30/@
3 C

මුතු


ඒ මුතු ඇටය

කවියකට සම

සිනිදුවම රහසින්

බබලාවි ඇහින්දොත්

නුඔ හද මැද
 

පපුතුරට සංවේදීව
 

@අසම්මත/16/06/30/@
3 Com

ඡායා


පිවිතුරුම දියකඩිත්තකට වුව

නොසිතේද කෙලි දෙලෙන් සැලෙන්නට

සිතුවමක් අදිමින් හිතන්නට කියමින්

අඩුලුහුඩු බලමින් අදිනවද හැබැයින්

නලියනා දිය බිදක සිතුවම්
 

කැමති ඡායා මවමින්

@අසම්මත/16/06/30/@

4 Co

පිටුපෑම


පිටු පෑම

කෙතරම් ආහ්ලාදයක්ද

විදිනවිට

දුක

එක්ක
 

එන
 


 

සතුට
 

දරන්නට නොහැකි
 

මතක කන්දරාවක

@අසම්මත/16/06/30/@
5

නිදිවරන ඇසට



තෙහෙට්ටුව නිසාම
සිත මට්ටුවී
නිදි වරන්නත් බැ
ඇස් බරයි
මම නිදමි
ඇසට ඇතිවන තුරු
මග බලා හිදියද
මම
එමි
හනික
ඉන්න එක රැයක්
ඇස නිදිවරා
හෙට ලස්සන කවියක්
ඇස් ඇරිය පසු
දවස අවදි කරපු
@අසම්මත/16/06/29/@

Thursday, June 29, 2017

සිතුවම්


මම මොනවද ලියන්නේ

නුඔ ගැන

මම හිතනවා තාම ඇගිලි වික වික

අත දුන්නේ කව්ද කාවද නොදැනම

ලිංගයක් හොයල කුමකට
 

නිර්මාණ පෙනෙණ නෙතකට
 

තෙත හුලං අහුරක් හැම විට
 

අරන් දෝතට කවි ටික
 

සිතුවම් ඔබනවා හනිකට
 

පිං සිතක් ඇති හදකට
 

ලෝකේ කරක් ගහලා ඉදහිට
 

මේ කවිත් යනවා මුහුණට
 

පලයන් නුඔ හිණි මග උඩටම
 

අත්වාරුවක් කර සිතුවම
 

දුන්න හද පිරී සෙනෙහෙට
 

මේ වදන් එවරාඩ් ජයමාන්න මැතිදුට
 

@අසම්මත/16/06/27/@

ඇස් බරයි


තෙහෙට්ටුව නිසාම

සිත මට්ටුවී

නිදි වරන්නත් බැ

ඇස් බරයි

මම නිදමි
 

ඇසට ඇතිවන තුරු
 

මග බලා හිදියද
 

මම
 

එමි
 

හනික
 

ඉන්න එක රැයක්
 

ඇස නිදිවරා
 

හෙට ලස්සන කවියක්
 

ඇස් ඇරිය පසු
 

දවස අවදි කරපු
 

@අසම්මත/16/06/29/@

Monday, June 26, 2017

තරුරැස




තරුව

කියන

පනිවිඩය දැක

බලා ඉන්නෙම
 

පායන අළුත් තරු දකින්නට
 

පසු පසින් එන
 

තරු රැසක
 

එළි
 

කවියකට
 

දිස්නෙ දෙන
 

@අසම්මත/16/06/22/@
2 C

කලුනික


දෙදරීමකට හසුව

පුපුරා පළුදු නොවූ

සිතක්

සොයමි

කළුනික ද
 

සමග
 

ගෙවීමකට යටත්ව
 

උපරිම වූ
 

මිලක් ඇතිව
 

හෝඩුවාවක් වෙතොත්
 

විමසන්න

-අසම්මත-

@අසම්මත/16/06/24/@
16 Comme

සල්ලී


හඔාගොස්

පොදිබැද

තමන් සතුකර ගත්

ක්ෂණයකින්

අන්සතු කල හැකි
 

දෙයක්වෙත් නම්
 

ලොබ බැදන්
 

එකතු කල
 

වස්තු ඒකකය
 

සුනඛයෙක් බුදින්නැති
 

සල්ලි කොළ
 

@අසම්මත/16/06/26/@
4 Comm

රහස්කවි


සිතක

තියෙන

උපදින

හැගුම්

සගවගෙන
 

ඉන්න පුළුවන්ද ?
 

කවියෙකුට
 

සහෘදයන් අතර
 

හුදකලාවම
 

රහසින්
 

හොරෙන්
 

හැමදාම !
 

@අසම්මත/16/06/26/@
14

රුවළ


ආකල්ප වල වෙනසක්

අවශ්‍යමයි

නේද?

මේ කොදෙව්වේ

ඒක කරන හැටි
 

හිතා ගන්න බෑ
 

මට
 

අතහරින්නත් නරකයි
 

උත්සාහය
 

අළුත් නිම්නයක් තියනවා
 

ආරංචිය සැළයි
 

අළුත් අදහස් පිපෙන පූදීන
 

ඒත් හැමොටම පුළුවන්ද?
 

කැපවීමක් කරන්න
 

ඇරැයුමයි මේ ගොඩවන්න
 

බෙල්ල දෙන්න හැකි
 

එකෙක් දෙන්නෙකුට
 

හබල් ගාන්න
 

මේ ඔරුව කුඩයි නම්
 

හදමු අළුත් ඔරුවක්
 

නියම රුවලක් එක්ක
 

දහඩිය මහන්සිය නොතකාම
 

ඉන් දැනෙයි සතුටක් අපට
 

අද නොවේ හෙටට
 

කොදෙව්වක අදහස් වෙනස් කල දිනක
 

@අසම්මත/16/06/26/@
7 Com

සමනළ ආදරය


සමනල්ලු මට ආදරෙයි

මම ඒක දන්නවා

ඒත්

මට

ඊර්ෂ්‍යා කරන බවත් දන්වා
 

දැනුවත්ව නොවන
 

උපකල්පනය මත
 

ඇණ ගසා
 

ගෙලින් සිද
 

වලදමන්නට වලිකන්නේ
 

ඇයි කියා
 

කියනවද
 

මගෙ හිත
 

මගෙන් නිතර අහනවා
 

කව්ද ඒ වල කනින්නේ
 

ඔය ඇස් ඉදිරියෙන් හිද
 

නුඔත් එකගද ඊට
 

මගෙ හිත
 

මගෙන් නිතර අහනවා
 

@අසම්මත/16/06/26/@
4 Com

Friday, June 23, 2017

ගගදිය


ගග දියක

කෙසේ සොයන්නද

කදුළු කරමින්

ගැලූ කදුළු

ගසා ගෙන යන
 

සැඩ පහරකට
 

හසුව මැදිවී මුහුවුනාවේ
 

කවි සිතක ගලන කදුළු
 

හුදකලා හිද බලමි හැම වර
 

ගලන ගග දෙස නුඔගෙ කදුළු
 

එක්කරන් ගග තාම ගලනවා
 

දහස් නෙත් තෙමා කදුළු

@අසම්මත/16/06/23/@

හදපලා


ඡේදනය කල හද

නුඔ දෝතට දෙමි

ඇස් ඇති නුඔ

එය හදුනාවිද මංදා

සැකය හිත මත හිංදා
 

තක්සේරුවත් නුඔම දන්න හංදා
 

එහි ගනණ මං නොදන්න හංදා
 

මිලක් කියනවද
 

අද අළුත් දිනක් හිංදා
 

@අසම්මත/16/06/23/@
6 Com

තරුපාර




තරුව

කියන

පනිවිඩය දැක

බලා ඉන්නෙම
 

පායන අළුත් තරු දකින්නට
 

පසු පසින් එන
 

තරු රැසක
 

එළි
 

කවියකට
 

දිස්නෙ දෙන
 

@අසම්මත/16/06/22/@
2 Comme

Thursday, June 22, 2017

හීසර


දන්වද



හී සරය

කෙතරම්

දරුණුද
 

වැරදිලාවත්
 

වැදුනොත්
 

පපුවේ
 

හරි මැදට
 

@අසම්මත/16/06/22/@

12 Com

අඩුව


අඩු පාඩු ගොඩක්

දැක්කද

ඔය ඇස් දෙකට

මගේ

විපරම් කරනකොට
 

ඔය
 

ඇස් දෙකට
 

නුඔ‍ෙ
 

@අසම්මත/16/06/22/@

විශ


හැකි තරම්

සෙනෙහස දියකර

නුඔ අතින්

හැදුන රසකර

වස විසක්
 

නොවේවා හනිකට
 

මුව තබා
 

රස විදිනකොට
 

තේරෙයිද ඒ අරුම රහකට
 

උණුහුමක් එක්ක
 

ලදොත් නුඔ මට
 

@අසම්මත/16/06/22@

කව්රුද


දැනෙනවද?

නුඔට

හැගෙනවද

නුඔට

නුඔ
 

කව්ද කියා
 

සොයනවා
 

වෙන
 

කව්රුවත් නෙවී
 


 

නුඔය
 

මා හදුන/ නොහදුන
 

වැනෙන
 

සැලෙන
 

?
 

සංඛේතය
 

කරගත්
 

නුඔ
@අසම්මත/16/06/21@

Wednesday, June 21, 2017

වර්ණ


ඇස් අරින කොට

දැවටුන වර්ණ

අනන්තයි අපුමාණයි

හිස මත පාත්වෙච්ච

ඒ වර්ණ හරි බරයි
 

ඇස්වලට කලබලයි
 

තෝර බේරා ගත නොහේ
 

හිත කුලප්පු කරයි
 

හිස පදාසයක් අඩපණයි
 

පැලී රුධිරය ගලයි
 

ඉනු කුණු ලේ ඉවත යයි
 

අළුත් ලෙයකට අත වනයි
 

හිස මතට කවි එන හැඩයි
 

අළුත් රුධිරය සතුට දෙයි
 

@අසම්මත/16/06/21/@
2 C

හමුවීම


හමුවීම

අරුම

දනවන

පුදුම

උපකරණයකි
 

කිසිදා
 

තේරුගත නොහැකි

/

හිත

/

@අසම්මත/16/06/21/@
4 Com

තනිකවිය


සිත

රැදුන

මෙතන

කවි

නුපදීද?
 

තනිවුනොත්
 

මම
 

කාත්කවුරුවත්
 

නොමැතිවම
 

හෙවනැල්ලක්
 

පමනක්
 

ඉතිරිව
 

@අසම්මත/16/06/21/@
3 Commen

Tuesday, June 20, 2017

ඇහලමල


බැස ගියා ඇවිත්

පොසොන් සද

නැග එයි

ඇසළ සද

මතක තැවරුණ
 

ඇසළ මලක
 

දුකක් කදුළක් සතුට ද
 

අපමණට ඇත
 

ජීවිතය හැඩ කල
 

විකෘතියකි සමහරක් විට
 

සිතන හැටි
 

මිනිස් වග ගැන
 

ඇසළ මල පිපි ලස්සන
 

පිනනවා හැම ඇසළ පෝයක
 

@අසම්මත/16/06/20/@
1 Com

Monday, June 19, 2017

මිරිගුවක්


ජීවිතය යදිමින්

සොයමි තුරු පතක්

ලැගුම් ගන්න නොව

විඩාවට ඉන්න

පවස සනහන්න
 

සොයමි දිය බිදක්
 

තෙමා ගන්නට
 

වියලි හදවතක්
 

මරුකතර තරණය කර එමි

සැනසිම දැක මිරිගුවක

@අසම්මත/17/06/19/@මි

මහකනදරාව

මතකයක ඇත
නැගි ආ පොසොන් සද
කනදරාවැව අසල හිද
ස්වර්ණමාලි සැය දැක
කවිය ලියනවද මට
සුන්දරත්වය වශි කල
@අසම්මත/17/06/19/@


Sunday, June 18, 2017

පිපිරිම


දැඩි පෘෂ්ඨයක

හිස ගසා

ලේ විදින තුරුද

වේදනාවක වෙලි හදක

දුක නිමා කර
 

පිට කර හරිමි
 

වේගය වැඩුනු
 

සිතිවිලි පුපුරුවා
 

හිස මත රැදි
 

@අසම්මත/16/06/18/@
7 Comme

සිදුර


වර මදු ගසා

තද රැහන් පටකින්

සිරකර කය පමණක්

කොටුකර සිත දැලකට

යා නොදී ඉවතක
 

සිදුරු ගැන නොසිතාම
 

පිටවනු නොහැකිද හැගුමකට
 

යටත් නොවන එකගතාවකට
 

මිදී පලා යමි
 

ස්වප්නය රැදි මතකයකට
 

දිවිය දැකි හද ඉමක් වෙත
 

@අසම්මත/16/06/18/@
6 Co

Saturday, June 17, 2017

මිදීම


එකිනෙක එක බැස

ඒ පිය ගැට පෙළ

එති ආශා හැර

පිය මැන එමි

සසරක බැදි බැමි
 

කෙලවර කර
 

රැහැනක සිරවුන
 

@අසම්මත/16/06/17/@
4

වළාකැරැල්ල


මේ වළා කරැල්ල

 ‍නෙත රැදුනේම ඇයි

කුතුහලයක් එක්ක

විපරම් කරන ඇස්

මුණගැහී දෙඩුවේම
 

අමුතුම මේ වළාකරැල්ල ගැනම
 

මම ලියන්නද මේක ගැන
 

නිමිත්තක් ඇති නිසා කවියක්
 

අසා අවසර අරන් ගියා
 

නුඔ දැන් ටික දිනක්
 

වළාකුලසේම පාවෙලා ඈතකට
 

ගියාසේ නුඔත් කවියත් අරන්
 

රතු වළාවක කළුඅකුරින් ලියු
 

කවියක සළකුණක්
 

සොයමි මම තාමත්
 

@අසම්මත/16/06/17/@

2 C

Friday, June 16, 2017

අතුරුපළ


තැවෙමි

දුකට

අහිමි වීමක් නිසා

උපන්

ශෝකයට
 

තණ්නාහවක
 

අතුරු පළ
 

විද
 

@අසම්මත/16/06/16/@
3 Com

අසම්පුර්ණ


එහි

අඩුවක් ඇතිය

කියා දුන්

හිතක්

නොකියාම
 

පලාගිය හැටි
 

රිදවා
 

අවුල්කොට
 

සිතුවමක
 

ඉතිරි ටික
 

අදින්නට නොදි
 

නතර කර
 

@අසම්මත/16/06/16/@
2

දියවීම


දියවෙලා බොදවන

සැබදියාවක

හීන්

අඩහැරය

දුක
 

ගැන කියා දුන්
 

පාඩමක
 

තවත් කොටසක්
 

පශ්චත්තාපයක
 

ගිලී
 

යනයුරු
 

කියාගන ගිය
 

සමුගැනීමක
 

මතක
 

අදුරුකර
 

දවයි කවි හිත
 

@අසම්මත/16/06/16/@

ඉතිරිය


දකින්නට

කැමතියි

අළුත් ලෝකය

ඉඩ අහුරන්න

එපා
 

දැකිය හැකි දුර
 

දැක ගන්න
 

මගේ පංගුව
 

විතරක් දෙන්න
 

අනෙකුගෙන්
 

ඉතිරි කල
 

කොටසකින් බෙදුන
 

@අසම්මත/16/06/16/@
Sh

කඩතුරාව


වසා ගත්

ආලෝකය

විහිදන්නට නොදී

ගුලිකරන්

අහුරගන
 

දැවන්තම
 

කඩතුරාව
 

බිදින්නට වෙරදරමි
 

අදුර
 

විනිවිද දකිමි
 

එහි ගිලෙමි
 

තිමිර පට ඉරමි
 

ආලෝකය ලබමි
 

නොමසුරුවම බෙදමි
 

@අසම්මත/16/06/16/@

Shar

අරුණ


අළුත් අරුණක්

උදාවෙනවා

වෙරළ සිඔි රළ සේම

මම

ඉදිමි
 

නුඔ ලගම
 

දන්නවද ඒක
 

පසමිතුරු කම් එපා
 

සිත රිදෙයි බෝම
 

ලගින් හිදිනවිට
 

තනිකමට මාගාව
 

උහන දන්නවද
 

සිනහාවක අගය
 

කවියක්ය හැමදාම
 

මුහුණ පොතක් විණි
 

ලියන මට නිබද
 

@අසම්මත/16/06/16/@

Thursday, June 15, 2017

හදවත


ගල්ගැහුනු ශරීරය

ඝණ බිත්ති අතර මැද

ගල්වෙලා ඉදින කොට

තෙරපෙන හදවත

ගැහෙන බව දැනෙන්නම නැද්ද
 

ගැහෙන හද ඇති ඔබට
 

මගෙ හදවත නුඔට නොවටින
 

@අසම්මත/16/06/15/@

තරුඇස


මේඝයක් වෙලා ඇවිත්

පිසිනවද කදුළු කැට උනණ

තල්ලු කර දමනවද

ඝණ අදුරු වළාපෙල

තරු ඇසක් එවනවද
 

තරහක් නොමැතිවම
 

එළි තිතක් කවි ඇසට
 

ඒ එළියෙනුත් මම
 

ලියනවා කවියක් නුඔට
 

@අසම්මත/16/06/15/@
4

පහන්වැට


පහන් වැට ඉම ලගම

සිත දැවටෙනා ආශාව

නළියමින් කිතිකවයි

තව පහනක් දල්වන්න

ඉන් නිවී යනු නොදී
 

පහනකින් පහනක් දල්වන්න
 

නැණ නුවන් පෑදෙන්න
 

ඒ නුවන් අරන් එන්න
 

තව ඇසකට එළියක් වෙන්න
 

@අසම්මත/16/06/15/@