Tuesday, February 28, 2017


මා බලා හිදිමි

එනතුරා ඔබ

ආදරය අරගෙන

සැනහීලා වෙන්වන්න

ආයෙ ආයෙමත්
 

හමුවන්න ආදරය පිරුන
 

වදන් අරන් එන්න
 

එයත් මට සැනසුමක්
 

ඔබෙන් මා ලබන
 

@අසම්මත16/02/29/@

That's all for 28 February.
Here are some more memories that we hope you like.

ඇවිද යනු බෑ

සිතු සිතු ලෙස

විලංගු ලූ දෙ පය

සිරකර තබා

හැගුම් අපමණ...
See more
Happy Friendversary!
Asammatha, we believe that friendship is something worth celebrating. You became friends on Facebook with Peter Jerome Thisarana 1 year ago. We've found this memory and hope that you enjoy looking back.
Thanks for coming!

සුළං සරයක පාවී

ඔබ ඈතට යන්න

මා වෙතින් දුරස් වී

එපා ආයේ මා වෙත එන්න

මේ අවසන් හාදුවයි
 

ඔබට දුන්න ආදරය පිරුන!

@අසම්මත16/02/29/@


මට ඇයි පුදුමයක් වුනේ

ඔය නෙත් කියන

ඒ රහස් වදන අභිමුව

අසරණ ම මං තනිකලා

ටිකකට වත් රතු කලා
 

මගේ දෙකොපුලම
 

ඉතින් අවසරද ආපසුම
 

නොබලන්න ඔය නිල් නයන
 

@අසම්මත16/02/29/@


ඇයි අදහසක් නැතුවමද

නිකට මත අත තියාන

මං මුලා වුනා වගේ

ඒත් උපේක්ශාව හැර

මිරිකාගෙන සුන්දර සිතිවිලි
 

මග දිග ඉමි බලා
 

උනුසුම් සුසුම් කැටිති කර
 

ඔය පපුතුරට පා කරන්න
 

@අසම්මත16/02/28/@


යාතීුකයාය ඇත සීතිජය ගාව

සුළං බදන රැළි පෙළන

මගේ ජීවිතය රැගෙන

මමත් රැකෙමින් නුඔ සොයා එන

දුස්කරම ගමන
 

අනන්තය වූ දුරින්
 

කොතනක ලොව සිටියද
 

හඔා එමි චන්ඩ මාරුත ද පරදා
 

ආදරය පිරි සුළගක් එක්ක
 

@අසම්මත16/02/28/@



ඉගිලෙන්නද මං

නුඔ ඉන්න

ඉහත්තාවට

කාටත් හොරෙන්

අහිංසක ආදරයක්
 

අරන්
 

@අසම්මත16/02/28@

Monday, February 27, 2017


මහා ද්වාරය හිත මැද

ඔබ එය අරිනවාද

සුවද හමන්නට හදවත් මැදට

කල හැක්කේ ඔබට පමණී

එහි යතුර ඇත්තේ සිතිවිලි අතරය
 

අයිතිකරු දැන දැනම
 

සැගවී සිටින්නෙ ඇයි ද නුඹ
 

තව තවත් සිරකර අදහස්
 

සෙනෙහස මිරිගුවකි ආත්මාර්ථය පිරි
 

මට කියන්නට ඇත්තේ එපමණකි
 

කවියක් එය ඔබට අවියක්

@අසම්මත/17/02/27/@



Sunday, February 26, 2017


මේ කව්ළුව ඉරා

හදා ගත්තේ මම

අදුර පිරි දෑස් ඇර

නුඔ සරන ලොකය

ටිකක් දැක සැනහෙන්න
 

මා දුටු දේ මේ ටිකට
 

මගෙ හිත කළඔවා ඇත
 

අවුල් කර හිත නෙත
 

බලා හිදිමි පලා යන්නට
 

නුඔ දමා ඈත ඉමකට
 

@අසම්මත16/02/24/@


Saturday, February 25, 2017



නුඹ සමනොළ ගිර සරණ විට

මම උතුරු මායිමේ පාවක්කුලමේ

අන්ත දෙකක කදු සහ පල්ලම් අතර

ජීවිතය තව හරස් කඩක්

පය තිබිය යුතු මුත් කේෂමභූමි මත
 

ඇනෙණ කටු රොටු සුමුදු හිතටත්
 

දැනෙනවා නම් යායුතුයි පෙර පවකටත්
 

ඇත්තට ම ජීවිතය ගීයක්
 

දුක් සුසුම් වලට පමණක්
 

කොටු වුනේ ඇයි අපම විතරක්

@අසම්මත/17/02/25/@


Friday, February 24, 2017



මලකඩ සහිත

සිතිවිලි සුරන

හිත නුඔත්

මලකඩ වලින්

පිරී අැති හැටි
 

@අසම්මත16/02/22/@



උදේ රැයින් නැගිට ගෙන

උණුහුමට කෝපි උගුරක්

පපුව උණුසුමට ගිලගන්න

ඒ එක්ක නුඔ එව්ව

ආදරය පපුතුරට ලංවෙච්ච
 

සංදේශ කව් වැනුම
 

නෙත් මත්කලා රහසින්ම
 

අපුරුම අරුණැල්ල හදවතට
 

දිගුකලා ආදරයේ පනිවිඩය
 

හසරැලි මුව පුරා අරඔමු ජීවිතය
 

@අසම්මත16/02/23/@

45 Nisansala Samanali, පාරමී සිල්

මම තාම

ගුලි කරෙගන

හදවත තුලම

ඒ පිවිතුරුම අාදරය

සුරකිමී
 

නුඔ නමට
 

පිලිගන්න
 

කාලයයි
 

පැමින කියන්නේ
 

සුදු අරලියා මල
 

@අසම්මත16/02/24/@



අප තැබූ මතක සටහන්

මැකී ගියේ අපි අතිනත වෙලා

ඇවිද යන අතරතුර

මට අමතක නොවන

ඔබට මතක නැති
 

ඒ සැමරුම් අතීතයට
 

පාකර දියකර මිරිකා හැරියේ
 

මම නොවෙයි නුඔය මතකය
 

මම කෙසේ අමතක කරන්නද
 

සොදුරු සිනිදු ඒමතකය
 

@අසම්මත16/02/24/@

Wednesday, February 22, 2017


ඇසිල්ලක් ඇත වහන් වීමට

ඇසිල්ලක් ඇත අමතක කරන්නට

මිනිස් සිත අපූරුයි කියන්නට

කිසි බසක් නෑ පහද ගන්නට

ඇසිල්ලක් ඇත දුරස් වන්නට
 

ඇසිල්ලක් ඇත ලගින් ඉන්නට
 

ඇවිත් යන එන මාවතක අප
 

නිතර ගැවසෙන කඩඉමකි සිත
 

ඇසිල්ලක් ඇත රිදව ගන්නට
 

ඇසිල්ලක් ඇත සැනසිලි ලබන්නට
 

කළුද සුදු වී පෙනෙන්නට
 

වැඩි මනත් ඇත්තේ කළු පාට සිත මත

@අසම්මත/17/02/22/@


ශෘරුංගාර කලාපයක සරන නෙත

විදින රස මියුරු දසුන් රුව

මත්කලා පොපියනා හද

ලියන්නට වෙලා සිත

පනින සිතු සිතුවිලි අහුර
 

රසක්නම් සුහදනි ගන්න
 

සොරා ගත් රුව දසුන්
 

මා තනිවම නොවිද
 

තිළිණ කර එවන්නේ
 

තරු ලෙසින් පායන්න
 

නෙක නෙක පද ලියා
 

ඔබේ හදවත ගන්න
 

දෑස් අඩවන් කර තියා
 

ඒ මිහිර විදගන්න
 

නුඔ එනවද ඉතින්
 

මා ලග දැවටිලා ඉන්න
 

@අසම්මත16/02/21/@

Tuesday, February 21, 2017



ඒ කැඩපත

? වුන

නෙතින් දකින

දසුනකට

එහා ගිය !

සමවැදිමි

අතීතය සර සරා

මතකය

දෙවනත් කර

නූඔ කොතකනද

මම කොතනකද

අද ?

@අසම්මත16/02/20/@

ඇස් වලට

කදුළු නොඉනුවට

ඇතුලතින් ගලන කදුළු කැට

ඔය දෙනෙත් වල

දසුනකට ඉඩක් නැත
 

මගේ හද පුදසුනේ
 

නුඔට නම් ඉඩක් ඇත
 

අනන්තෙට නොහිතනා හිත
 

නුඔ සොයා ඉගිල එත
 

සරදමක් විලස
 

දමා යන්නෙ මහද
 

අකීකරු නුබේ සිත
 

@අසම්මත16/02/21@

මේ නෙතු අඩවන් කලේ ඔබ


මලක් දී සිඔින්නට

හිත හිතා වැලපෙන්න

අත තියා ගිවිස ගෙන

බොරු කරා හිතට මට
 

ඇයි කියා කිමද අද
 

පැන ගියේ කියනවද
 

හෙටක් නැත හමුවන්න
 

කදුළකට යලි එන්න
 

@අසම්මත16/02/21/@


සිතිවිලි පිපිරි

අරමුණක් ඉලක්කයක්

නොමදැනම තව

නෙත් අයා හිදිමි

ඉරිනොතැලුනු සැනසුමක්
 

ලැබෙන තුරු
 

පිපෙන මලක සුවද
 

දිවියට ලැබෙන තුරු
 

ඒ සුවදද අරන්
 

හමුවෙනා නුඔ
 

හෙට දකින තුරු
 

@අසම්මත16/02/21/@

Monday, February 20, 2017



ඒ මා මද

මේ මා මද

පැනයක් වුනේ

කැඩපතක අභිමුව

සිතන්නට
 

ඉසිඔුවක්
 

ඇත මතක
 

අතීතයකින් පෙරි එන
 

සිත දෙවනත් කරන
 

නෙත තෙත
 

කදුළින් තවරන
 

@අසම්මත16/02/20/@


ඒ මුව

ඒ දෙතොල්

සසල කල

නිමේසය

තාවකාලික
 

ඇරඔුමක්
 

අනන්තයට
 

යන
 

@අසම්මත16/02/20/@



ඉඩක් වේ නම්

සරන්නට

නුඔ

හදඉමේ

තුටින් සලමි
 

පියාපත්
 

මේ ලෙසේ
 

@අසම්මත16/02/20/@


අසරණම මං

ඇයි

පෙලන්නේ

ඇති වුනාවද

මා පිදු
 

සෙනෙහේ
 

නිකැලැල් !
 

විසල් නුඔ හදට
 

පුංචි
 

සමනලිය විලස
 

@අසම්මත16/02/20/@

  

    **   දුරස්   **


රුවින් ඔබ ලග ඉමී

හදවතින් නොදැවටෙමී

ඔබ වෙනස් බව සිතී


දුරස්බව සිත ලග වෙලී

අප ඈතට ගිය හැටී

හිත් නොදන්නා බව හගී

හොර හොරෙන් පියමං වුනී

එක සිතක් දෙසිතක් විනී

නොතේරුම අවබෝධය දැනී

හිත් වහල් වී අකුලක වැටී

සරදමක් දැහනක වෙලී

අවමණක් හිත පතුලෙම ඉදී

යන්න යන්නෙමි දුරස් වී

සිතට නම් නෑ සැනසුම් පොදී

වහල් කම නුරා ගග ගිලී

ආත්මය බිද දී සුසුමට බිලී

@අසම්මත/17/02/20/@

Sunday, February 19, 2017



   ( ශිලාවක කුසුම  )


කතා

නොකරන

මලක

සුවද

නූඔ !
 

සැලී සැලී
 

සරන්නේ කිමද?
 

මගෙ හද
 

උයනේම
 

අැයි
 

සිත්
 

පොපියවන්නේ
 

ඉදුවර
 

පියවමින්
 

@අසම්මත16/02//19/@
  
(   පරිනාමය   )

අනේ අනේ

මට කවි ලියන්න බෑනේ

උඔට වගේ

ඒ නිසා

මං ගැනත්
 

ලියපන්කෝ කවියක් හරි
 

මොකක් හරි
 

එහෙම කියපු
 

උඔ
 

අද
 

මමත් නොදන්න
 

මටත්නොතේරන
 

කවි ලියනවා
 

සම්මාන ගන්වා
 

ගෞරව ලබනවා
 

ජන හරසර මැද
 

පාවඩ උඩ යනවා
 

බැබෙලෙනවා දිලිසෙනවා
 

කටු අනිනවා
 

කටු ගහනවා
 

කවිත්වයේ කිරුළ
 

අභිසෙස් කරනවා
 

නාලිකාවෙන් නාලිකාවනට
 

ගලනවා
 

ලස්සනම ලස්සනයි
 

මටත් හරි
 

අළුත් කිතියක් හදවතට
 

@අසම්මත16/02/16/@
    

     (  ස්භාව )

සිතක් තුවාල වෙන්න

ලියන්න බැරි කවි

ඈත් කල හැටි

නෙතු

සිත්
 

කෘෘරකම්
 

හදුනන හැටි
 

සිනිදු කමට
 

@අසම්මත16/02/19/@



      (  දෙබිඩි  )



අත් දැකීම

මෙච්චර

මිහිරක්

වෙන්නේ
 

කොහොමද?
 

එච්චරට
 

අපුල පිරි
 

@අසම්මත16/02/19/@



මම නුඹ නොහදුනමි

කිසි විටෙක කිසි දිනෙක

නමුත් ඇයි

රෝස මල් පොකුරක් පිපෙන්නේ

එය නෙලා මා වෙතට එවන්නේ
 

සංඛේත වලින් කිමද කියන්නේ
 

විරාගික මගේ හිත පුදන්නේ
 

පුබුදුවා ප්‍රමෝධය දපන්නේ
 

ආසක්ත ප්‍රේමයේ ගිනි දිලෙන්නේ
 

දැනී දැනී මා ඉවත යවන්නේ
 

සෙහෙසක ගිනි පුළිගු පිඹින්නේ
 

නුරාවෙන් වියරු වි සිටින්නේ
 

හදවත ඇයි හිත රිදෙන්නට අරින්නේ

@අසම්මත/17/01/23/@




නොලියමී ආයෙමත් පෙම් කවි


ගීතයක් වී අහෙන්නට නම්


නොකියමී රහස් හැගුමන්

සිතුවමක් වී නුඹ ඇස රදන්නට නම්

නොපතමී ප්‍රේමක් නම් නුබේ
 

හදට දැනෙනා දුකක් වේ නම්
 

සසර ගමනක් නොඑන්නම්
 

පතා නුඹ කිසි දිනක මං
 

ඇස් ගැටී දොඩමළු උනත්
 

විරහ රස උරුම වේනම්
 

කුමට අප එක් වෙන්න පතනෙම්
 

වෙන් වෙලා යමු පලක් නැතිනම්

@අසම්මත/17/01/24/@




එගොඩ යන්න ඔබ එනවද

බලා නොයිද මම යන්නද

හැගීමක් උනුහුම් වෙනවද

නොකිය ඉන්න හිත කීවද.......

@අසම්මත/17/01/25/@


ඒ කවියටත් මං ඉන්නැතී

ඒ හුස්මටත් ලංවෙන්නැතී

ඒ සිනාවෙත් හැංගෙන්නැතී

ඒ සිහිනයෙත් මං රජ වෙන්නැතී

@අසම්මත/17/01/25/@


මේ පොළොව මත

තබා යන්නට යමක් වේ නම්

ඒ ඔබට ලියන මේ වදන් පමණී

එය ඔබට රුසි නොවේ නම්

පිලිකෙව් කොට අවමනින් ඉවතලනු ප්‍රියය...
 

අකුරු මත සිතුවමක් වන්නේ
 

හදවතක උපදින උනුසුම්ම සිතිවිලි
 

එය පාට ගන්වන්න දන්නේ නම්
 

වෙන කව්රුවත් නොව
 

අදහසක තතු හොදින් දන්නා
 

ඔබමැ හැර වෙන කව්රුද.........?

@අසම්මත/17/01/27/@

සසර ගැන අසා ඇත

කෙලවරක් ගැන දැනී නැත

පතන්නට සිතක් නැත

හිතට ඔබ නොඑනු මැන

පවට අම නිවන නැත
 

ඇසට සැනසෙන්න හැක
 

ඉදුවරට නොහිම් හිත
 

අවනතය කෙලෙස් බැමි
 

නිමක් නැත ආශාවේ හෙවනැලිි
 

ප්‍රහීනය කරනු මැන

@අසම්මත/17/01/28/@


මගේ හද ගැහුන

ඔබ මුලින් දුටු දවසේ
මගේ සිත උණුසුම් උණා
 

මගේ ආදරය අයදිමින්
 

ලං වෙලා කියු වදනේ
 

මං ඔබේ නෙත්දිහා
 

ඇහිපිල්මක් නොගහා
 

බලං හිටියා ආදරය
 

උතුරා ගලා එන හැටී
 

ඒත් මම අන්ධ වී
 

අසරණයි අද දවසේ
 

පිවිතුරුම පේුමයයි
 

ගලනුයේ නිදහසේ
 

@අසම්මත16/01/27/@



රුවැත්තිය ඔබ යන්න

එපා ඔය ඇස් මට දෙන්න

මතකේ පමණක් ඉන්න

ඕන නම් මේ කවිය අරගන්න......

@අසම්මත/17/0130/@


     ** උවන **

ඔබේ මුහුණ ලස්සනම පොතකී

එහි ඇත්තේ නෙක පද වැලකි

විටෙක කෙටි කතා අහුරකී
 

දිග කතාවක මුල පිරුමකී
 

මම නිතින් එය කියවනා නෙතකී

@අසම්මත16/01/30/@


නුඔ සුරත් ගෙන

මගේ මුව වැසුවත්

මම ඇස් අරිමි

මම ඇස් වලින් දකිමි

බලා ඉන්න
 

ඇස්වලින් දොඩමි
 

@අසම්මත16/01/30/@


    ** හෙර **

මගේ හිතට

රිංගුවේ ඇයි ඔබ

සිහිනයක දැවටී
 

කවියකත් ඇමිණී
 

මීවිතක තැවරී
 

අන්තිමේ ඔබ
 

පැන ගියේ
 

හලා හල විෂ දී
 

@අසම්මත16/01/30/@


    ** හැරගිය පේුමය **

මගේ කවි පොත

නිහඩ වී නිදන්නේ

නූඔ නෙතු වැසු පසුවයි
 

අඩ සදක් එබිකම් කරන්නේ
 

මගේ කවිකම දැකලයි
 

උඔ එහෙම මට ලියුවේ
 

ශීතලම සදක් නැගි දාකයි
 

මටත් ඒ ගැන සිහිවුනේ
 

උඔ මාහැර දමා ගියදාකයි
 

@අසම්මත16/01/30/@



** සිහින පුරවරුණ **


නුඔ අසන්නේ කිමද

නුඔ සැගවුනේ කොහිද

මා දමා සැරි සරන්නේ කොහෙද

ඉදින් මම කියන්නම් සබද
 

සයනයේ දෙඩුකතා සමග
 

නිද්රාව පැමිණ හොරට
 

සිහිනයක ගැලුනා දෙනෙත
 

දුටිම් අරුම සිහිනයක මැදිව
 

කියන්නට වචන මදි අමිල
 

මවන්නට රූප නැත
 

වනන්නට පදද නැත කවක් ලෙස
 

මා නෙතේ ඇදි විස්මයක් ඇත
 

ශෘරුංගාර සිතිවිලි සදන
 

හද මන්මත් කරන
 

මා දුටුව සිහිනයේ අරුත
 

මවයි කවි පුරවරක වරුණ
 

යමුද මාහා එනුවර හනික
 

@අසම්මත16/01/30/@




එක් වසක් ගොස්

කවි කෙරු පිටුවට

තව වසක් ඇරැඹෙයි නොදැනිම

කවි පල දරයි නොදනී ම සිතට

ලියන්නට දෙනවැයි නොදනිමි ඒ හිත
 

මග බලන් හිදිමි
 

එනතුරු කවි කම
 

ඔබ ඉන්න ලග ම නෙලන්නට පොකුරු
 

හොද නරක මිතුරු
 

දෙන්න සෙනෙහේ රදින්නට
 

ඔබේ රුචි අරුචි ගැටළු
 

අවමන් කරන් සොදුරු
 

හිතට වදින ගැඹුරූ
 

මග නොමග මේ යැයි රුදුරු
 

කියා දෙන්න සෙනෙහසින් නිරතුරු
 

බලමි පන්හිද ඔබය මගේ මිතුරු........

@අසම්මත/17/02/19/@



** තටු සීදීම **

පියාඔන්න ආසවෙන් හිටියා මම

ඒ අත්තටු සිද දැමූවේ නුඔ

ඉන් වේදනා වින්දේ මම
 

කිසිත් නොකල විදිහට සතුටු උනේ නුඔ
 

අතහැර නොයන බව සිතුවෙ මම
 

අහස දිග පලළ දැන සිටියෙ නූඔ
 

සුළං රැළි වල ගසා ගෙන නොගියෙ මම
 

අනන්තය සොයා නොකියාම ඉගිලුනේ නුඔ
 

පියාපත් ලබන්නට පෙරුම් පුරමි මම

@අසම්මත16/01/31/@



මට

ලියන්න කියලා

කවිකම්

උදුර ගත්තේ

උඔ
 

මම
 

අකුරු
 

අහුලනකොට
 

උඔ
 

බර සාර
 

පොතක්
 

ලියලා
 

එකදු කවියක්
 

නැති
 

@අසම්මත16/01/31/@