Wednesday, February 22, 2017


ඇසිල්ලක් ඇත වහන් වීමට

ඇසිල්ලක් ඇත අමතක කරන්නට

මිනිස් සිත අපූරුයි කියන්නට

කිසි බසක් නෑ පහද ගන්නට

ඇසිල්ලක් ඇත දුරස් වන්නට
 

ඇසිල්ලක් ඇත ලගින් ඉන්නට
 

ඇවිත් යන එන මාවතක අප
 

නිතර ගැවසෙන කඩඉමකි සිත
 

ඇසිල්ලක් ඇත රිදව ගන්නට
 

ඇසිල්ලක් ඇත සැනසිලි ලබන්නට
 

කළුද සුදු වී පෙනෙන්නට
 

වැඩි මනත් ඇත්තේ කළු පාට සිත මත

@අසම්මත/17/02/22/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.