Thursday, September 29, 2016

ප්‍රේමයක් තැවරුවේ ඇයි ඉතින්?



හීනීයට හීරූවත් 
හිත අගක සීරුවෙන් 
වේදනා දෙන්නේ ඇයි 
මහ වේදනාවක් වෙමින් 

කුඩාවට ඇරැඹුවත් 
ගලන ගග අගිස්සෙන් 
නිමාවක් වෙන්නෙ නම් 
දෝර ගලලා මුවදොරින් 

කදුළු නොනවතින 
ප්‍රේමයක විරහවෙන් 
ලියන්නම් කතාවක් 
ඇසුනීද සවනතින් 

ලෝකයා දකීවී 
රේඛාව තබා ගිය 
කැළල් ඇති ඇස් මතින් 

සිත දවන හැගීමක 
ප්‍රේමයක් තැවරුවේ ඇයි ඉතින්...............................?

@අසම්මත/16/09/28/@

Wednesday, September 28, 2016

මේ අදුරු යාමයයි



මේ අදුරු යාමයයි 
මේ අකල් වෙලාවයි 
ඇත්තක්ද තිත්ත වෙයි 
කියන්නම් ඉවසා ඉදින්................................... 

ඇස් රතුවන්නේ නම් 
දුක් සුසුම් වලටමයි 
වියලිලා ඇතත් ඇස් 
නිමා වුන ගැලු කඳුළුවලටමයි 

උඹ ලගින් ඉන්න දැන් 
මගේ සුසුම් හරි හැඩයි..................... 
එහි පාට තවරන්න 
උරුම නම් උඹටමයි............................ 

 @අසම්මත/16/09/28/@

Tuesday, September 27, 2016

මා ගැන විස්තරයක්



මම සුමිත් වීරකොන්.

ඉන්නේ අනුරාධපුර රඹෑව. අධ්‍යාපනය ලැබුවේ අ/රඹෑව මහ ව්දුහල සහ අ/ නිවන්තක චේතිය මහ විදුහලෙනි.

හදිසි අනතුරකට මැදිවීම නිසා සුසුනාවේ බිදිම් හේතුවෙන් ආබාධිත බාවයට පත් විමි. වයස 13 දී මගේ පාසල් අධ්‍යාපනය නිමාවුණි. ඒ 1980 අගෝස්තුවේ දී.

 එතැන් පටන් රෝද පුටුවක ආදරයෙන් ජිවිතය ගෙවමි.

දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙමි. ඇඳ මත හිදින විට කාන්සියට මෙහි විත් හිතට එන දේ කුරුටු ගාමි.

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.