Thursday, March 30, 2017


චරිත

අැත ද

සරන

දිවිය තුල

හුදකලාවම
 

ගොදුරු පමණක් ම
 

සොයන
 

@අසම්මත16/03/30/@



ඉරු නගින

මේ උදේ

ඒ රුවල් නෟකාව

අළුත් අදහස් අරන්

ඔබ එක්ක
 

අත්වැල් ගන්න
 

නැංගුරම් තොටුපළට
 

කෙමෙන් කෙමෙන් ලංවේවි
 

@අසම්මත/16/03/30/@


මේ

කෙටි

කවිය

ඇයට

පෙනේවිද
 

යන ගමන
 

අතර මැද
 

මොහොතකට
 

@අසම්මත/16/03/29/@

Wednesday, March 29, 2017



ස්වභාවික හැගීම්

කොහොම හංගන්නද

හිතක් දිනාගන්න

හිත කරන අරගලය

මලක රුව දුටුවාම
 

ඇස් ඇතුලේ පිපෙන මල්
 

පිපි පරවී යාම
 

දිනා ගත් සිත
 

නොකියාම හැර යාම
 

පිපුන මල පරවී යාම
 

සුවද පමනද ශේෂ
 

හදවතට හැමදාම
 

@අසම්මත16/03/26/@


අන්ධවීමී ආදරය ඉදිරියේ

සොයා යාමි අරුතක්

අන්ධ ඇස් අරින්නට

තව තවත් නොරැවටෙන්නට

ආදරය මායාව ලුහුබැද
 

ඉරමි අදුරු තිරපට
 

බලමි පිවිතුරු ආදරය ඇති පස
 

සොයමි කළු නිකද බෙහෙතට
 

හමුවෙයිද පිවිතුරුම ආදරය
 

නැත ලැබී ඔසුවක් අන්ධ ඇසකට
 

@අසම්මත16/03/29/@


කටු තියෙන රෝස මල් සමග

සුවදකුත් එක්ක හමන

ආදරනීය ඇමතුමක්

සොදුරුවන හමුවකට

අනතුරක ඉගියක්ද
 

මිහිරි වු දොඩමළුව
 

අනන්තය අභියසක හිද
 

නිමාවන පෙම් පවතක
 

මතක අහුරක් පමනිමද?
 

@අසම්මත/16/03/29/@


අළුත් ඉර නැගෙනවා

අළුත් හැගුමක් ඇතුව

ලං වෙන්න ආසයි

අළුත් ලොකයත් එක්ක

ඒත් මං බයයි
 

ඒ ඉර එළිය දෙන
 

නුහුරු සමකම් නැති
 

පිය සටහන් නොමැති
 

අළුත් නිම්නය වෙත යන්න
 

ඇසිල්ලක විරාමයක් වෙද
 

වේදනා දුකක් හද නොරැද
 

ජීවිතය සරන්නට අළුතින්ම
 

@අසම්මත16/03/29/@

Sunday, March 26, 2017

කටු තියුනු බව දැන දැනම


අැනුන විට ලේ ගලන බව

නුඔ දුන්න රෝස මල

තුරුළු කර ගමි

උණුසුමක් දැනෙන්නට
 

පරව යන්නට පෙර
 

සුවද විද බැදී ලංවෙන්න
 

ගැලුවත් ලේ බිදක්
 

ඇණී රෝස මල් කටුවක්
 


@අසම්මත/16/03/25/@


Saturday, March 25, 2017


සංකීර්ණය මේ තරම්

හදවතත් ජීවය දෙන

ආලොකයද අවැසිමැයි

ජීවිතවලට හැම සත

එක සැපයුමක් විසන්ධිය
 

සසල කරවයි මොහොතකට
 

ජීවිතය අදුර මැද
 

@අසම්මත16/03/25/@



කැළඔුන අහස් ගග

අනන්තය නොදකින ඉමක් සොයා

පියා හඔා යමි

අරමුනක් ඇතුවම

හමුවනාතුරු සොදුරු නවාතැන් පලක්
 

මේ විසල් ලෝකයේ
 

පියාපත් තටු ගසන තෙක්
 


@අසම්මත16/03/25/@







මගෙන් කරදරයක් ද ඔබට

මට මගේ පාඩුවේ ඉන්න දෙනවද

ආත්මීය බැදීම් එක්ක

ගනුදෙනු තිබුනත්

නිදහසේ සිතන්න
 

නිදහසේ ඉදින්න
 

ලෝක සම්මතයන්ට අවනත නුනෝත්
 

පැවත්මත් ? වෙයි ද මට
 

නිදහස අරුත සොයමි මම
 

@අසම්මත16/03/24/@


Friday, March 24, 2017


මම නටපු නාඩගමකුත් නෑ

බෙරේ පලුවකුත් නෑ

කැරකිලා වැටුනහම තමයි

තේරුනේ නටපු නාඩගම් වල අරුම

තොර තොන්චියක් නැතුව
 

අහපු කතන්දර පහුගිය දොහේ
 

දැන දැනමත් නොදැනත්
 

ජීවත් වෙන්න කරන බොරුව
 

මමත් පැටලිලා ඇදවැටුනෙ
 

හුගාක් දුර ගිහින්මයි
 

දැන් ඉතින් ඇති මටත්
 

ඒ බොරුවේ ගිලුන තරම
 

@අසම්මත16/03/24/@

Wednesday, March 22, 2017


පුරා සද නැගෙන යාමේ

නුරා ඇස් සොයන ලීලේ

නිවා සත් සිත් දැහැමි සීලේ

වවා ගමු හද මෙත් සිළිලාරේ


@අසම්මත16/03/22/@

මම ගැහනියක් තමයි

වගකීම අකුරටම ගත්ත

ඒත් මම දනිමි

මගේ ගමනාන්තයේ නිමාව ගැන

නුඔ සිතන විදියකට නොවේ
 

ඒ ගමනේ ඇරැඔුමත් අවසනත්
 

සිනාසෙන්නට සිටින නිරතුරු
 

නුඔ නිසාමයි නිවැරැදිම එල්ලය ගන්නේ
 

ඒ ඇස්වලට තේරෙන්න
 

මටත් කල හැකි විකුම් බල
 


@අසම්මත16/03/22/@

මං මේ බලාන උන්නේ උඔ දිහා තමා

උඔ ජීවත්වෙන ලෝකේ

ඒකේ මට අමුත්තක් දැනෙනවා

මම දන්නවා උඔට මම ? වග

මම ? ක් කර ගන්න එපා
 

ඔය නෙත් ඉවත ගනින් මා ඇසින්
 

කිසිදු ඉගියක් නැති
 

කිසිදු හැගුමක් නැති
 

අමුම ම අමු ජීවිතය
 

කිසි රහක් නැති
 

විදින්න අරුතක් එක්ක
 

අළුත් ඇහකුත් අරන් වර මා එක්ක
 

අළුත් පාරක යන්න
 

අළුත් ගමනක් යන්න
 

ඇස් අළුත් කර ගන්න
 

@අසම්මත16/03/22/@

අපි දෙන්නගේ මේ නැටුම

කරළියේ ඉන්න අය බලන් ඉන්නවා

ඒක ලස්සනද ‍කැතද කැමති විදිහට

රස විදපුදෙන් තළු මරපුදෙන්

අපිට මහන්සි දැනුනම
 

මේ නැටිල්ලට ඉසිඔුවක් දෙමු
 

වේදීකාව අදුරු උනා
 

ඒ අල්ල පනල්ලේ
 

උඔ පිස්සු නටන්නද හදන්නේ
 

මං කැමති නෑ ඔය නඩලං වලට හරිය
 

මුං ට අරුන් ට උඔයි මම යි
 

පෙන්විය යුතුමය ආදර්ශයක්
 

ආදරයට කරන්න බැරි දෙයක් නැති වග
 

ඉතිං අපි ඒ ඇස් වලට ඉඩ දෙමු
 

සැනහෙන්න නැලවෙන්න
 

උඔ එකගයිනේ මාත් එක්ක
 

අපි නිසා විදින එක ජීවිතය
 


@අසම්මත16/03/22/@

බොහෝ පෙම් බැද

පසු පසම ගොස්

නුරා හැගුම් සමගින්

කාලයේ අවසන නැවතුම

තවත් එක් රුවැති සිරුරක
 

අවසනයි මේ සසර කෙලවර
 

අද හොදද පුන්සද නැගෙන හවසක
 

මුනි දෙසු දහමේ ඇලෙන්නට
 

නිවා සැනෙහෙමු හිමිගේ ඇරැයුම
 

කිමද තව පමා හිතවත
 

පැමිණඇත නික්මෙන්න
 

අදුරු තිර ඉරා සපැමින
 

අරඔමු සසරක අවසන
 


@අසම්මත16/03/22/@

Tuesday, March 21, 2017


ආදරය නොදැමුනු නුඔ හදට

මං උඔට සිතුවමක් විතරමද

කවි හිතක් අැති නුඔට

කවි පෙලක් විතරමද මම

සෙල්ලක්කාර හිත ලග අද
 

කෙළි කවට රූපයක් වුනිද
 

අහිසංක මා රවටවා
 

උඔ උරාබොන රසම ලේ
 

මගෙ හදවතය සිදුරු කල
 

ගලන උණුසුම් හැගිමක
 

වහල්වීමක් ද අවනත වීමක්ද
 

මුවදෙනක මෙන් අසරණම
 

දැඩි හිතිවිලි එක්ක පොරබදන
 

@අසම්මත/16/03/21/@


උනා දැමු සළුතිර ඔය යුගතින්

මිහිරයක්ය විදිමි කියා

මා දමා ඔබ ගියා

නෙත්වලට රහසින්

මත්වෙන්නෙ බිගුන්මද මල් මත්තේ යහමින්
 

රොන්බීව බිගුන් අද අතැරයාද මල්නම්
 

නද දෙන්නේ පහසකට අතවනානම්
 

හැරයන්න අවසර කුමට අකීකරු
 

බඔරින්දු මා පිදු නුඔ නම්
 

@අසම්මත16/03/21/@

Monday, March 20, 2017


කතර මැද පිපුනී

සුවද දෙයි නිතිනි

අමිල මල නෙලමී

දුරු කතර තරණය කරමි

දුෂ්කරම බව දනිමි
 

මියෙතත් දැක මියෙමි
 

විදි දුකත් කියමි
 

කළු දල මල නමිනි
 

ටියුලිප් නුඹ සොයමි
 

සුරතින් ගෙන බැතිනි
 

සෙනෙහසින් සිඹිමි...

@අසම්මත/17/03/20/@



මටත් හිතුනා ලියා යන්නට

වෙන කතාවක් වෙනස් විදිහට

අපි අපේ වෙන්නේ ඇත්තටම කොහොමද

අපේ ශරීරත් අපට නැති කොට

ඉතින් කොහොමද විදින්නේ ජීවිත
 

විදවනවා හැර අපායක් කොට
 

නිදහසත් හරි සරල සුන්දර
 

වචන පමනකී කුහක ලොව තුල
 

අවනත වීම හැර දෙපයින් ඉදිමුද...?


@අසම්මත/17/03/20/@


ඔය සුරතින්ම නිමැවුන

සංඛේතය හදවත

මල් කිනිත්තක ගසා

රදවලා ආදරය

තියා මතක අහුරක්ම
 

ගියා නුඔ ඈත
 

නොපෙනෙන්න නොඑන්නම
 

හදවතක් තනිවෙන්න ඉඩ හැර
 


@අසම්මත16/03/20/@

Sunday, March 19, 2017



ඔය මං කැමති ඇස්

ඔය බැල්මට මං කැමති ඇයි

මං අහන්නේ මගෙන්ම

බලා හිටියෙ පාරමී පුරල

ඒත් ඒක මිරිගුවක් බව දැනුනේ
 

ලංවෙන්න ලංවෙන්න
 

නුඔ ඈතක දුරස්ව ගොස්
 

නොපෙනෙනා ඉසව්වක
 

සගවලා ආදරය නොදෙන්නම
 

ඉතිං මම බලා සිටිමි
 

කප්සුවහස් කල් වුවද
 

ඒ ආදරය විදින්නට
 

@අසම්මත16/03/19/@

ඇයි මල් තුනක්

එක ලගම



මම

ඔබ
 

ඇය
 

වියහැකිය
 

නිකරුණේ පැමිණි සිතිවිල්ලක්
 

වුවද
 

යථාබව
 

නොසැගැවුන
 

කතාවක
 

පුරාණෙක
 


@අසම්මත16/03/19/@

හිතින් පමණක් දිරිය තිබුනට

කැඩුනු බිදුනු අත් පා එක්ක

යාතීූකයකුට හැකිද

රුවල් ඉරී ඇති නෟව්කාවක

නිවැරැදි මානයක පදවන්න
 

ගමනාන්තය කඩතොළු නැතුව
 

ඇරැඔුමට වසන්තයක් ගන්න
 

හිනා මල් පොකුරකට
 

නුබේ මුව පුබුදන්න
 

ජයගාුහි මී විත බොන්න
 

අළුත් ඉව්රකට ගොඩවෙන්න
 


@අසම්මත16/03/19/@

අමතකම නොවන බැදීමක

කතාවක් ඇත මතක

දැඩිම ග්‍රහනයකට හසුව

මින්දදගේ හී තුඩක

පසාකල ලය මඩළ
 

වේගවත් හුස්ම ගග
 

පාසයකට ගෙන වැළද
 

මැරෙනතුරු මෙහෙම
 

සෙනෙහේ පෑ අරුම
 

ජීවිතයක කටුක ආදරය රැගෙන
 

නුඔ සොයා රැදේ සුවද
 

මැකී යා නොයන ලෙස
 

අපුරුම රහස් හමුවීම
 

කොටමි ආදර කැටපත් පවුර
 

නුඔගේ නෙත් මානයට
 

හසුව රැකෙනා මතක
 


@අසම්මත16/03/19/@

රතුම රතු සයනය

හුස්ම ගොඩවල් එක්ක

මුනගැසුන අනන්තවත් රාතීූ

අද දන්නෙත් නැතිව

කිසිවකුගේ වැතිරීමක් නැතුව
 

කිසිදු පහසක් නොලැබ
 

පාළුවට හූල්ලන අජීවී
 

සුන්දරත්වය පිරිගිය සයනය
 

මේ රාතීූය හුදකලාවම හඩන්නී
 

ලොව්තුරු සැපයක් නොලැබ
 

සතුටක් සොයා හිත දුවන
 


@අසම්මත16/03/19/@

Saturday, March 18, 2017


ඔබ ඇසිපියන් වැහුවම ඇති

ඇහැරෙනා රෝස මල් පෙතී

සුවද වී සුළගක එතී

වෑහෙනා රස කැල්මකී

මා වෙලා ගෙන දැහනක නිතී
 

මුසපත්ය හද ප්‍රේමය පිරී
 

ඉන්න ලංවී සුවපත් වෙවී
 

නුරා සද කැන් නැහැවෙවී
 

අහිංසක ඔබ හිනෙහැන හැටි
 

නෙත් අගින් පනිවිඩ මැවු හැටි
 

කාලයට ඉඩ දී කිව්වා නිතී
 

ආදරය සගවනු නොහැකිව බැරී
 


වරදක්ද මේ ලොව සෙනෙහේ නැතී
 

ඔබට මුනගැසුනාද හදවත බිදී
 

ප්‍රේමයේ හිත් ඇස ලගකදී

@අසම්මත/17/03/18/@


පලමු පෙම දිනු මම

නුඔ පසුපසම ඇවිදින්

සුරත් පටලා නොබැන්දට

සුන්දරම ආදරය දුන්නට

මාව විදිනවා ‍පේුමයෙන්
 

සුන්දරම ඇස් අගින්
 

ඉඩක් අරගන ඉතින්
 

සිතුවමක් කර අතින්
 

පාට කරපන් හදවතින්
 

මැකී නොයනා ලෙසින්
 

කැටපත් පවුර සරසා සිතින්
 

@අසම්මත16/03/17@


නිහඩ බව එක්ක

ඒ හුදකලාව විදින්න

මේ තරමට ම

ආස හිතුනෙම


නුඔ දුන්න රසවත්ම
 

දුක් සුසුම් අහුරක්ය
 

මතකයන් හද දවන
 


@අසම්මත16/03/18/@


ඒ සුළග හරි තදින්

හමාගෙන ඇවිදින්

මුලිනුපුටා දමමි සිතුවත්

සුළග වෙත ආදරෙන්

නැමි සිටියෙම්
 

සුළග හිතුවත්
 

රැවටුනා මම තව තවත්
 

නෑ රැවටුනේ මා නම්
 


දැන ගතිමි සුළග
 

නුඔ ගෙ හැටි දැන්
 

තදින් හැමුවට සුළං
 

ඉවත යන වේගයෙන්
 

පවතින තැනක් සොයපන්
 

@අසම්මත/16/03/18/@

Friday, March 17, 2017


යශෝධරා වන් බොහෝ හිටියෙ නැත

ඒ හිටියෙත් සිදුහත් චරිතේ

මට පමණක් නුඹ හෙව්වට

යශෝධරාවක් නැත මෙදියත මුණ ගැහුනේ

නොලැබෙන දේවල් හිතේ තියාගෙන
 

සිදුහත් චරිතේ මතක පෙතේ
 

යශෝධරා වරු කොහෙ හොයන්නද
 

මනසින් යුධ කරමින් මෙලසේ
 

ඔබට හැකිද ඒතැන ගන්නට මා මනසේ
 

වියැකී නොයනා චරිතයනම් සිදුහත් චරිතේ
 

නොසොයා ඉන්නම් යශෝධරා නුඹ
 

තව නැත ඉපදී මා හද දියතේ.........

@අසම්මත/17/03/17/@


උඔ ලියපු

මම විදපු

ඒ කවිය

සිතුවමක් වෙලා

පුදුමයක් තමා
 

නුඔ දමා
 

ආ නිසා
 

හිත තාම
 

විමසනා ඒ කවිය
 

මා දිහා බල බලා
 

සැගවිලා හිනැහෙනා
 

@අසම්මත16/03/16/@


ඈත සමුදුරක තනිවී

සිහින දකිනෙමි එතර වන්නට

නුඔ දකින මේ ගැඔුර

අැත්තටම දුස්කරය හිතලග

රැදෙන්ට තව බොහො ඉඩ ඇත
 

ජීවිතය තරණය කර විදින්නට
 

සිතිජයින් එහා ඉම දැක
 

අළුත් ඇරඔුම අරඔමිය මම
 

@අසම්මත16/03/17/@

Thursday, March 16, 2017


මෙහෙම මලුත් පිපෙනවා

අපි ජීවත් වෙන මේ අවටම

ඒ දකින්නත්

ඇස් පිංකරා

මට විතරක් නෙමේ
 

උබේ ඇස්වලිනුත්
 

දැක්ක අසම්මතයේ පිපෙනවා මල්
 

@අසම්මත16/03/16/@

ඔබ බලා ඉන්න

ටිකක් ඈතින්

ඉඩ දෙන්න

ටිකකට තනිවෙන්න මට

ඔබ කියපු වචන වල
 

බැරෑරුම් බව හදුන ගන්න
 

මං කියන තුරු ඉන්න
 

මං ඔබට ලංවෙන්න
 

සිහිනයක් වී මම එනකම් බලාන ඉන්වද
 

ඇස පෙනෙන මානයක
 

@අසම්මත16/03/16/@



ඈත මරු කතර

ඇති එක තුරක් වෙත

ඒ මමය

නුඔ දන්වා ඒක

මම දිය බිදක් වෙනවා
 

ඇත්තමයි සත්තකයි
 

නුඔට
 

හාරපන් නිය අගින්
 

මේ තුරු යටට වැද
 

මට පේනවා උඔ ගේ
 

ඇස් දිලිසෙනා රහස
 

@අසම්මත16/03/16/@



පිය සටහන

ඇරයුමක් කවි හදට

දගකාර ඇස්වලට හසුවෙන්න

අහිංසක සිත් පුබුදන්න

ඉදිරියට ලියවෙන්න
 

නොලිය සිටි කවි
 

හංගගෙන ගුලිකරන් හිටිය
 

මිරිකලා විසිකරන
 

@අසම්මත16/03/16/@

Wednesday, March 15, 2017


හිතට දැනුන රාත්‍රීයකින් පසු

හිරු එන හැටි බය නැතුව

හැම දෙයක් අමතකව


@අසම්මත16/03/12/@



තව දිනක්

ඇත යමක්

බැලුවොතින් සිහිනයක්

 එබිකමක් කවිකමක්

ඇත නිදහසක්

සොයනා ජිවිතයක්



ඉතා අපහසුවෙන්ම

සොයා ගත් මල

නුඔ හැකිලෙන්නද හදන්නේ

අතාරින්න ලෝබයි මට

නොරිදාම සිනිදුවට
 

තොල් තියා උරන්නෙමි
 

නුඔ සුවද රැදි හාදුවක්
 

හද පතුලටම දැනෙන්නට
 

@අසම්මත16/03/15/@



මගේ ම ඇස් රවටන

ප්‍රහේලීකාවක් උනේ ඇයි නුඔ

සිතත් කරකවා

නෙතත් අන්ද මන්ද කරලා

@අසම්මත16/03/15/@


මේ සුවද රෝස මල

නුඔ එව්වේ

කටු ඇනගන්න එපා කියලා

ඒත් මට නොතේරෙන

කට්ටක් ඇවිත් සිදුරුකෙරුවනි හදක්
 

දැන් එයින් ලේ ගලනවා
 

ආදරය සුවදක් එක්ක
 

ආදරය දැනෙන හදවත් වලට
 

@අසම්මත16/03/15/@

නොදැනීම අසම්මතයේ ප්‍රකශන

මේ තරම් හද දවන

විනාශයක දිග පලළ

ගැඔුරක් නොමදැනම

සරන්නට නොහැකි වග
 

නිදහසක් ඇතිනමුදු
 

වැට පවුරු සීමාව මායිම් ද
 

අනන්තය සිතිජය දක්වාම
 

හිතන්නට වෙයි නැවත
 

කොදෙව්වක් දැනදැනම
 

ගුලිකර සිරකරමි අදහස් හැම එකම
 

අරුමයක් නොවේ පතුලක් නොමැති නිදහසද
 

සිතුවිලි කඩතොළු වෙච්ච
 

@අසම්මත16/03/15/@

Tuesday, March 14, 2017


ඉතිං පියා ගන්න ඔය නෙත්

මා නැවත එනකම්

රහසින් කියයි සුළං ඇවිත්

විවරකර දෙනුවන් එවිට එන්න විගසින්

ඔය ඇස්වලට ආදරෙයි මං
 

ඇයි මං ආදරේ ඔබට මේතරම්
 

සොය සොයා ඇවිදිමි කතරේ මං
 

ඔබ සගවා ගත් යමක් හොරෙන්
 

හද කිතිකවනවා සූරමින්
 

මං හොයනවා තවමත්
 

ඇයි මං ආදරේ ඔබට මේතරම්
 

බැදීමක් හද පුරා තවරලා
 

ඔබ හැමදාම මා මත් කලා
 

කුතුහලය නෙත් මතම හංගලා
 

මං හොයනවා තවමත්
 

ඇයි මං ආදරේ ඔබට මේ තරම්.........

@අසම්මත/17/03/14/@


Monday, March 13, 2017


හිතට දැනුන රාතිූයකින් පසු

හිරු එන හැටි බය නැතුව

@අසම්මත16/03/12/@


Sunday, March 12, 2017


මේ වන අරණ මැද

ගෙන දමා තනි කරා

විහිළුවකට කියා නුඔ

සැගවිලා කොහිද නුඔ

හිත දුකට හඩන බව
 

වැටහෙන්න කල් යයිද
 

නුඔ ආදරය මට
 

අවැසිමැය කිසිදාක හැර නොයන
 

@අසම්මත16/03/11/@

Saturday, March 11, 2017


නුඔ ඉල්ලුවා මගෙන්

හැකිතරම් ලංවන්න

මා දෝතින් අරන්

තරයේම වැලදගන්න

මගේ හදවත ගැහෙන
 

උනුහුම උඔ හදවතටත් දැනෙන්න
 

එහි ගලන ආදරය
 

හිමි හිමින් අල්ලන්න
 

ස්පර්ශයකට පුළුවනිද
 

එහි අගය මැන ගන්න
 

මට දැනෙන ආදරයෙ
 

නිමක් කෙලවරක් නොමැත
 

ඉතින් මම එමි නිබද
 

ඔය තුරුල්ලට ඇසිපියන් නොපියාම
 

@අසම්මත16/03/10/@


සරාගී නෙත් සරය

උමතු හැගිමක දවටා

මා දිහා අයාගන

ඇරැයුමක් කරනවද

සිත වසග කරගන්න
 

සිතුවාට ඇතුළු සිත
 

පිටට නොව ඇතුලටම
 

නුරාගික ඔය බැල්ම
 

රැවටෙන්න බයයි සිත
 

බාදුරා මල් දකින විට
 

@අසම්මත16/03/11/@


ඇරැයුමක් අඩ අදුර මැද

මීවිතක් විද මත්වන්න

ආදරම බස් මුමුනන්න

පෙර දෙඩු දොඩමළු එක්ක

මතක පන්හිද කොහිද
 

සුසුම් නැති මොහොතකට
 

එන්න සිත දෙනවාද
 

පෙම් කවක් ගොතන්නට
 

නුඔ සුරත දෙනවාද
 

සියුම් හැගුම් පුරවාම
 


@අසම්මත16/03/11/@

Friday, March 10, 2017


නුඔ කෙතරම්ම ආසයිද මේ පිහාටුවට

ඒ සුමුදු සිනිදු පහස විදින්න

මා දන්නවා ඒ ඇයි කියා

නොකීවට ඔය ඇස්වල තියා

අනන්තය සොයා හමා යන
 

සිතිවිලිත් එක්ක මුසුව
 

ඔය සිනිදු අදහස් දෙන්න
 

මගේ ගොරහැඩි හිතට
 

පෙු්මයේ අමරස විදින්න
 

@අසම්මත16/03/10/@



මා

මේ

මලට

ආසයි

ආදරය
 

උපදින නිසා
 

ආදරය
 

අයදින නිසා
 

මං වගේ
 

පරවෙන බව දත් නිසා
 

ඉතිං
 

මං
 

ආදරෙයි!
 

මේ
 

මල ට
 

@අසම්මත16/03/10/@

Thursday, March 9, 2017


පෙරමං නොදැන තබන පිය

සුන්දරම ගමනාන්තයක

නිමාවක් වෙන්නට

සිතා තැබුවත් ඉදිරියටම

හමුවන බාධක අනන්තය
 

ඒබවත් දැන
 

තබමි ඉදිරියට පය
 

@අසම්මත16/03/08/@


කවි පොතත් රොසමල් වලින් පිරුනා

කවිකොලත් ආදරෙන් පිරිලා

පන්හිදත් සියුමැලි අදහසුත්

එක මිටට කවි පේලී කර

නුඔ නමට පබදිමි
 

මියෙන තුරු ආදරෙන්
 

ඔය ඇස්වල කිමිදෙමි දිලිසෙමි
 

@අසම්මත16/03/09/@


නිදි ඇදෙන් නැගිටලා

අරමුනක් නැතුවමත්

කව්ළු පියන් ඇර

බලා සිටියේද නුඔ මතක

දුරස් වී අදහස් එක්ක
 

නුඔ ගියා වෙන්ව
 

අදත් මම උඔ එක්ක
 

හිතින් බැදිලා සිහිනෙනුත්
 

පෙරේදා මහ රෑක
 

වින්ද අසිරිමත් කෙළි කවට
 

පාවෙලා යයි වළාකුළු එක්ක
 

@අසම්මත16/03/09/@


කව්ළු දොර හරිමි

සිහින පා කරමි

හිත වසා දමමි

නුවන් පිරි මදිමි

දැකුම් නිම කරමි
 

සසර මග බලමි
 

නිවන දොර හරිමි
 

ආ ගමන් වසමි

@අසම්මත/17/03/09/@

අවැසිය කුඩා විවරයක්

ඒ ඔබ වෙත ලගා වීමට

එවිට හැකිය මුමුනණ්න

දහසක් දේ සැගවිච්ච

ජීවිතය මැද හිඩැස්ව ගිය
 

ඇවිරිලා අතැහැරුන යමක්
 

ඇහිදලා අරගන්න ඕනී නම් ඔබට
 

පිරිමැද පපුතුරේ උනුසුම්ම
 

හැගීමක් උපදින තැනක්
 

ගගුළකට ගලා බසින
 

වියලි දෙතොලකට දිය බිදක්
 

උපදිනා බවක් ඔය ඇස් දෙකට
 

පෙනේවී හැබෑටම අත්විදින්නට




@අසම්මත/17/03/08/@

මදක් නවතින්න..

ඔබ පිවිතුරුම නම්

මා ස්පර්ශ නොකරන්න

බියක් දැනෙයි හදට ඇත්තටම....

මන්ද ඇයි ඒ නොඅසන්න

@අසම්මත/17/03/09/@


මගේ හදවතේ

මා මියෙන තුරා

ඉඩක් ඇත ඔබට

ඇයි කිව්වේ එහෙම

අහන්නෙපා හෙටට
 

මතක මතකයි ද නුඹට..
 

ජීවිතේ හරස් කඩක් ඇන්ද නේද...
 

මට හිතුනෙම මෙහෙම
 

ඔබට පෙර මිය යයි මාව
 

දුකක් හමු වීම
 

සදාකලීක නොවු හැම දේම...

@අසම්මත/17/03/08/@


ඔබ කෙතරම් නෑයි කීවත්

සගවගත් හැගීමක මම ඉන්නවා

ඒ හැගීම කිමැදැයි කියා

ඔබ මෙන් මමත් තාම හොයනවා

කවියකත් අකුරු කර ලියනවා
 


හැගීමක් හිත අවුල් කර දමා දුවනවා
 

ඔබ මාත් ඒ පසුපසම ඇදෙනවා
 

අරුත් නැති වදන් ඇවිදින් ඇමිනිලා රිදෙනවා
 

රිදෙන ඒ හදවතත් සුසුම් රැළි නගනවා
 

වෙරළ සුසුම් රැළි අරන් ගැඹුරටම ඇදෙනවා
 

ගැඹුර මැද කිමිද නුඹ මාව හොයනවා

@අසම්මත/17/03/09/@

Wednesday, March 8, 2017


මං අසම්මතයි අමුතුයි කීවේ

වෙන කවුරුවත් නෙමෙයි

උඔමයි උඔ හිතයි වෙන් ටෑ

මට මතකයක් තිබුන එහෙම

ඒත් මම හැරදාලා
 

උඔ ගියා සම්මතයන් කඩලා
 

දැන් ආයෙමත් ඇවිදින්
 

පරන මතක අවුස්සලා
 

අසම්මත වෙමු ද අහනවා
 

මම ඉතින් අදහසක් නැතුව
 

පෙර මග බලනවා
 

හැගීමක් නැති හැගීමක් එක්ක
 

@අසම්මත16/03/07/@


සෙමෙන් යමු කියන්න‍ේ

යන්නේ කොහෙද නොදන්නේ

අවකාශය ඇති තරම්නේ

හති වැටෙන්නත් ලගයිනේ

කූඩුවක් නම් ඇවසිනේ
 

අර පෙනෙන තුරු හිසක්නේ
 

ගිමන් හරිනට කදිමනේ
 

ටිකක් ගුලිවී හිදිමුනේ
 

කතා නැතුවම ඉගිලුනේ
 

පාර නොදැනම කාරනේ
 

පෙම් සිතක් කල කොඩිවිනේ
 

නුඔව තනිනොකරමි අද දිනේ
 

@අසම්මත16/03/08/@


අසිපතක් සුරැකිව තබාගෙන

ආදරය හැමවිටම පතුරන

ලෝකයම සෙනෙහසින් පුදදෙන

විටෙක ලෝකයම ගරහන

මමත් ඔබගේ ම මිතුරිය
 

මමත් ඔබගේ සොයුරිය
 

හිරු කිරණ ලොවම බබළණ
 

පරපුරක් තැනු ලොවම දිදුළන
 

අම්මාය හැම මුවග රැව්දෙන
 

@අසම්මත16/03/08/@


පිවිතුරුම

මේ කුසුම

ඔබට යි

@අසම්මත16/03/08/@



සිතක් කලඔන

නෙතක් ඇති

ඇය

දිනාවිද

අද
 

ලොවක්
 

පුද දෙන
 

@අසම්මත16/03/08/@

අපුර්වත්වය

සුන්දර

මනසින්

විදින්න

මැවීම
 

අරුමයක් බව
 

සිතන්න
 

කියන්න
 

@අසම්මත16/03/08/@


පද

පේලීනැති

කවි

සිතුවම

කියවන්න
 

ඇස් වලින්
 

@අසම්මත16/03/08/@