Tuesday, March 7, 2017


මේ රාක්කය පිරිලා තිබ්බේ

මොනවයින් ද කියලා

උඔ දන්නවා

ඇයි මාව හොරකම් කෙරුවේ

ඒක පාපයක් නොවෙන්න නම්
 

ගෙවන්න වෙයි උඔට
 

උඔ හිතන තරමට වැඩිය
 

ඇයි හිතුනේ නැත්තේ
 

එ්කට නිදහසේ ඉන්න දුන්න නම් කියලා
 

උඔටත් තිබුන
 

උඔ නොදැක්ක තව ලස්සන දකින්න
 

ගලක් වුන පපුවකට
 

හිතක් ලැබුනොත් හිතන්න
 

ඒ හොරකමත් මට කමක් නැති
 

@අසම්මත16/03/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.