Friday, March 17, 2017


යශෝධරා වන් බොහෝ හිටියෙ නැත

ඒ හිටියෙත් සිදුහත් චරිතේ

මට පමණක් නුඹ හෙව්වට

යශෝධරාවක් නැත මෙදියත මුණ ගැහුනේ

නොලැබෙන දේවල් හිතේ තියාගෙන
 

සිදුහත් චරිතේ මතක පෙතේ
 

යශෝධරා වරු කොහෙ හොයන්නද
 

මනසින් යුධ කරමින් මෙලසේ
 

ඔබට හැකිද ඒතැන ගන්නට මා මනසේ
 

වියැකී නොයනා චරිතයනම් සිදුහත් චරිතේ
 

නොසොයා ඉන්නම් යශෝධරා නුඹ
 

තව නැත ඉපදී මා හද දියතේ.........

@අසම්මත/17/03/17/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.