Friday, March 24, 2017


මම නටපු නාඩගමකුත් නෑ

බෙරේ පලුවකුත් නෑ

කැරකිලා වැටුනහම තමයි

තේරුනේ නටපු නාඩගම් වල අරුම

තොර තොන්චියක් නැතුව
 

අහපු කතන්දර පහුගිය දොහේ
 

දැන දැනමත් නොදැනත්
 

ජීවත් වෙන්න කරන බොරුව
 

මමත් පැටලිලා ඇදවැටුනෙ
 

හුගාක් දුර ගිහින්මයි
 

දැන් ඉතින් ඇති මටත්
 

ඒ බොරුවේ ගිලුන තරම
 

@අසම්මත16/03/24/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.