Saturday, February 18, 2017



        ( ආහ්ලාදය )

ඔබ කතා කරන හඩ ඇසුනා

මට හිනාවෙන්න දුක හිතුනා

කදුළකට පිට වෙන්න ඉඩ නොතියා

ඔබ දෑස දීහා බලා උන්නා

ආයාචනා පිරි නෙතක හැගුම් පුරවා
 

පසුපසම ආදරය ඇයද ආවා
 

දරාගන්න බැරිම බවම දැනීලා
 

ඒ ඇරැයුමට එකග වුවා
 

දෙහදක කතා ඇත සගවා
 

ආදරය නමින් වෙලෙනා
 

ඔබ මගේ මැයි කියාලා
 

සුසුම් දෙකක් එක් වුවා
 

ප්‍රේමයේ ද්වාරය ඇරිලා
 

අප අපගේ ලොවේ තනි වුවා...

@අසම්මත/17/02//04@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.