Sunday, February 19, 2017

  
(   පරිනාමය   )

අනේ අනේ

මට කවි ලියන්න බෑනේ

උඔට වගේ

ඒ නිසා

මං ගැනත්
 

ලියපන්කෝ කවියක් හරි
 

මොකක් හරි
 

එහෙම කියපු
 

උඔ
 

අද
 

මමත් නොදන්න
 

මටත්නොතේරන
 

කවි ලියනවා
 

සම්මාන ගන්වා
 

ගෞරව ලබනවා
 

ජන හරසර මැද
 

පාවඩ උඩ යනවා
 

බැබෙලෙනවා දිලිසෙනවා
 

කටු අනිනවා
 

කටු ගහනවා
 

කවිත්වයේ කිරුළ
 

අභිසෙස් කරනවා
 

නාලිකාවෙන් නාලිකාවනට
 

ගලනවා
 

ලස්සනම ලස්සනයි
 

මටත් හරි
 

අළුත් කිතියක් හදවතට
 

@අසම්මත16/02/16/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.