Tuesday, February 14, 2017


මායිමක ඇත යමක්
ඔබ හිතනවද එහි වගක්
වැට කඩුළු බිද හිතළුවක්
යන්න හැක්කේ කෙටි දුරක්

අපට ඇත්තේ කෙම් බිමක්
හිතුවාට එය රණබිමක්
ජයගන්න වෙන්නේ හද බසක්
නුඔ තෙපලා නොගියේ ඇයි බිදක්

වස්සාන සුළගට නෑ හිතක්
ගිම්හානයට අත වනමු ටිකක්
ඒ සුවද විද අප එක රැයක්
කල්පයක් කරමු ප්‍රේමයක්

සොදුරු සිතිවිලි පිබිදෙනා
ආදරය හිනැහෙන වේදනා
මතක පොත ඇත රැව්දෙනා
මනරම්ය සෙනෙහේ සුවදෙනා


@අසම්මත/17/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.