Wednesday, February 15, 2017


ඔබ සදයි මට අදුරට පෙනෙන
ඒ එළිය එළියයි මගෙ නෙතට
දිලිහි ඇස් අගට එන හීන
හෙට පායයි අරුණැල්ලක් සේම

අරුණට හැකිය ලොව ඝනදුර දුරලන්න
හීනය දකිමි ඔබ ලග අභිමන වෙන්න
ඈතක නොවේ සිහිනය ඔබ ඉන්න
මතකය දොඩමළු නොවෙද එය අරගන්න

පුන්සද පායනා අහසක තරු කැට වීලා
ඔබ ඒ තරු කැටයක රහසක් ලියලා
දකිනෙමි කළුවරට ඇස සමුදීලා
සෙනෙහස බබලාවී පුන් සදවීලා

උදෑසන අදයි නව හැගුමන් දෙවන
සුසුමක ලියා පුන්සද ගොසින් නොකියාම
හීනය දකිමි ඔබ එහි නිබදව ඉන්න
මම එමී රහසින් ලියු ඒ හීනයේ අරුතක් රැගෙන

@අසම්මත/17/02/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.