Sunday, February 19, 2017


සහසක් දේ එක බැල්මෙන්

ඔබේ ඇසින් මම දුටුවා මට මතකයි

සහසක් දේ එක වදනින් දොඩමළු වී

ඔබ තෙපලු හැටි මතකයි

සුසුම් ගොඩක් අහුරක් කොට

එක මිටකට පා කෙරුවා මට මතකයි

මතකය මතකෙට අරගෙන

ලස්සන කවියක් ලීවා මතකයි

අද ඈතට වී හිද ඔබ අප ගැන වු සැමරුම්

සමරන බව දැනෙනවා සත්තයි.......

@අසම්මත/17/02/14/@



No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.