Monday, June 26, 2017

රුවළ


ආකල්ප වල වෙනසක්

අවශ්‍යමයි

නේද?

මේ කොදෙව්වේ

ඒක කරන හැටි
 

හිතා ගන්න බෑ
 

මට
 

අතහරින්නත් නරකයි
 

උත්සාහය
 

අළුත් නිම්නයක් තියනවා
 

ආරංචිය සැළයි
 

අළුත් අදහස් පිපෙන පූදීන
 

ඒත් හැමොටම පුළුවන්ද?
 

කැපවීමක් කරන්න
 

ඇරැයුමයි මේ ගොඩවන්න
 

බෙල්ල දෙන්න හැකි
 

එකෙක් දෙන්නෙකුට
 

හබල් ගාන්න
 

මේ ඔරුව කුඩයි නම්
 

හදමු අළුත් ඔරුවක්
 

නියම රුවලක් එක්ක
 

දහඩිය මහන්සිය නොතකාම
 

ඉන් දැනෙයි සතුටක් අපට
 

අද නොවේ හෙටට
 

කොදෙව්වක අදහස් වෙනස් කල දිනක
 

@අසම්මත/16/06/26/@
7 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.