Friday, June 9, 2017

ස්මරණ


නුඔට මතක නෑ

මට මතකයි

ඒ පොරොන්දුව

අගේ කර කර

නුඔ ගත්ත හැටි
 

ඊයේ නොලියපු
 

ඒ කවිය අද ලියන වග
 

ගිවිස ගත් විදිහටම අද
 

ලියාගෙන කවි
 

ලස්සනට පිපි
 

සුවද විහිදන මලක් අරගෙන
 

මදහසක් මුව පුරවගෙන
 

ආ නමුත් නුඔ කොහිද අද
 

අකීකරු සොභාදහමද
 

වලළා දමා ගිය
 

මතකයක් පමණක්
 

ඉතිරි කර ඇත මට
 

@අසම්මත/16/06/08/@
LikeShow More Reactions
Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.