Friday, June 2, 2017

වියැකීම


වියැකී ගිය ආත්මයක

ශේෂ වුන හිස් කබල

හිතන්නට යමක් ඉතිරි කර

විනාශය නොවී සිතුවමක සිරිය

මනරම් රූරටා හිතක
 

අදින්නට වෙන තැනක් නැද්ද
 

මියැදී සිරුර මිහිදන්කල පසට
 

සරු සාර පොහොරක්ව
 

දියව ගියවීණීනම් ඒ මත්තේ
 

ලියලාද සිතක අංකූර සිතුවම්
 

මේ මිනිස් හිස කියන
 

සොදුරු මිනිසත් බවක
 

රහස් පනිවිඩ ගොඩක
 

කවියකට අරුත් බව දුන්න
 

හිතක් තිබු බව නුඔ දන්නවද සබද?
 

@අසම්මත/16/06/02/@
5 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.