Friday, March 23, 2018

පියාපත් තිබුනා නම්


ඔබ කියන තැනකට එන්න තිබුනා

පියාපත් තිබුනානම්

ඔබ නොදැන කියනා පෙම් කතාවේ

ඉමක් දැනුනා නම්

සැගවිලා ඔබ යන්න යයි
 

හැබෑ බව එය නම්
 

පියා සලා යන විහග රෑනක
 

කිචි බිචිය සරදම්
 

අහිංසක වග කියා කුමටද
 

ඔබට නොදැනේ නම්
 

අත්තටුත් ඇත හිතක් අද්දර
 

හිතලුවක් නොම වේනම්
 

දෛවයට ඉඩ දී බලා හිදිමුද
 

හිරු සැගව යා නම්
 

හිතක් එඩිතර දිරිය අරගෙන
 

යමක් නොකරයි නම්
 

ලොව ගමන් යයි හිතු මනාපෙට
 

ඔබ මාත් එකතැන නොවී දෙතැනක නම්.......

@අසම්මත/17/03/23/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.