Friday, March 16, 2018

සගවාගැනීම


ඉතිං පියා ගන්න ඔය නෙත්

මා නැවත එනකම්

රහසින් කියයි සුළං ඇවිත්

විවරකර දෙනුවන් එවිට එන්න විගසින්

ඔය ඇස්වලට ආදරෙයි මං
 

ඇයි මං ආදරේ ඔබට මේතරම්
 

සොය සොයා ඇවිදිමි කතරේ මං
 

ඔබ සගවා ගත් යමක් හොරෙන්
 

හද කිතිකවනවා සූරමින්
 

මං හොයනවා තවමත්
 

ඇයි මං ආදරේ ඔබට මේතරම්
 

බැදීමක් හද පුරා තවරලා
 

ඔබ හැමදාම මා මත් කලා
 

කුතුහලය නෙත් මතම හංගලා
 

මං හොයනවා තවමත්
 

ඇයි මං ආදරේ ඔබට මේ තරම්.........

@අසම්මත/17/03/14/@
7 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.