Thursday, March 22, 2018

මිරිගුවක් පසු පස


ඔය ඇස් දෙකේ තිබුනා ප්‍රේමයක්

මා හොදින් දුටුවා මගේ ඇසින්

ඔය හදවතේ තිබුනා මහ දුකක්

මගේ සවනතට ඇසුනා හැම රැයක්

ඔය සුරත් වෙව්ලුවා හැම දිනක්
 

අප හුස්ම ගන්නා තෙක් දුරක්
 

අහක බලන් යන්නට හිත නැතත්
 

ඔබ යන්න ගියා නොකියම දුරක්
 

මිරිගුවක් පසු පස යාම මත්
 

ඔබට වැටහෙන අරුතක යමක්
 

අතැර දැම්මම ආදර හිතක්
 

බිදී යයි තව ප්‍රේමයේ කවක්
 

ඒ අපතර තිබු ලොව නොදන්නා යමක්
 

ඒ එකට එක් නොවන ප්‍රේමයක්
 

අපි අප නොදන්නා ප්‍රේමයක්

@අසම්මත/17/03/22/@
6 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.