Thursday, September 28, 2017

අගිස්සක හිත


හීනීයට හීරූවත්

හිත අගක සීරුවෙන්

වේදනා දෙන්නේ ඇයි

මහ වේදනාවක් වෙමින්

කුඩාවට ඇරැඹුවත්
 

ගලන ගග අගිස්සෙන්
 

නිමාවක් වෙන්නෙ නම්
 

දෝර ගලලා මුවදොරින්
 

කදුළු නොනවතින
 

ප්‍රේමයක විරහවෙන්
 

ලියන්නම් කතාවක්
 

ඇසුනීද සවනතින්
 

ලෝකයා දකීවී
 

රේඛාව තබා ගිය
 

කැළල් ඇති ඇස් මතින්
 

සිත දවන හැගීමක
 

ප්‍රේමයක් තැවරුවේ ඇයි ඉතින්...............................!

@අසම්මත/16/09/28/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.