Tuesday, September 19, 2017

සටහන


මේ ගේට්ටුව හැර තබමි නිතර

එහි ඇවිත් යන්න නිදහසේ

බාධක කිසිත් නැත ඔබට

එහි ඇති දෑ අරන් යන්න

විදින්න හැකිනම් සතුට හැකිතරම්
 

ගන්න ඇති දේ ගන්න දෝතටම
 

දෙන්න කැමතිනම් දෙන්න
 

සාරය උරා ගත් හදවතට බුද්ධියට
 

මේ පිටුව ඔබටමයි මා දැනුන දේ ලියන
 

තබා යන්න සටහනක් මාවතක් හැර
 

වසා යන්නෙපා ගේට්ටුව ඉබ්බන්ට බාර දී
 

ඒගොමුවේ පිපෙනු ඇත දහසක් මල් පාට
 

වැටකඩලු බැද නැතී සුගන්ධය විහිදෙනු ඇතී

@අසම්මත/16/09/19/@
8 Comme

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.