Wednesday, September 13, 2017

මත් වුනත් ආලයේ එලියයි

සිහිනයෙන් ඇවිත්
කියු රහස්
මට නිදිමතයි
හිස බරයි
පුපුරු ගහයි
දැන් පැලෙයි
මම මැරෙයි
කුමකට ද බිය
මට දැනෙයි
ආදරය අන්ධයි
අහිමි වීමයි දරනු නොහැකියි
දුකම කදුළුයි
විරහ ගගුළයි
හාදු දී වෙන්ව යාමයි
සෙනෙහසට උරුමයි
වැලපිල්ල පමණයි
ශේෂ විමයි මග අතහැරීමයි
තරුවලට රහසින්
ගීත කීමයි ගොළුබසින් දෙඩීමයි
ආලයේ හැටි එහෙමම තමයි.............
රෑට සද එළිය පමණයි
ශිත චන්දන ලපලු හෙවනයි
මත් වුනත් ආලයේ එලියයි
වින්දොතින් ප්‍රේමයත් පරම රමණීයී

@අසම්මත/16/09/13/@
2 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.