Thursday, September 14, 2017

ඇගයුමක් එපාමැයි

ඇතුලාන්තය කවරාකාරද

නොදනිමි කිසිත්

අහුමුළු වං හුං

පිටත හිද සිතමි

වරක් දෙවරක් නොව සියවරක්
 

නිදහසක් වෙයි නම් සිතන්නට
 

නිදහසක් දෙයි නම් ලියන්නට
 

ඇගයුමක් එපාමැයි
 

සිරගෙයත් කදිමැයි ලගින්නට
 

වරදකුත් කුමටෙයි රදන්නට
 

එක හඩක් ඇතිමැයි අයුක්තියකට
 

නගයි නම් වරක් හඩ ගා කියන්නට
 

එය පමණකි ඕනා දඩුවමකට
 

යුක්තියක් දෙසනා නිබදවම
 

රටක් නම් මේ දීනු දේශය...........................
 

ධර්මයම රකීනා දීවා රැය
@අසම්මත/16/09/14/@
13

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.