Sunday, September 3, 2017

සමුදීම සමුදිනී

සමුගන්න සමුදුනී
සමුදෙන්න සමුදුනී
අවසරයි සමුදුනී
ආත්මය ඔබට ඇත
එය දෑතට ගන්න
ඔබ ඔහුගෙ පමණක් වෙන්න
මම ආදරෙයි උඔට
පනටත් වඩා මටම
උඹ ආදරේ වෙන්න
පනටත් වඩා ඔහුට
මට එපා ආදරය
ඔහුට පමණක් දෙන්න
දැනෙනවා ජීවිතේ
ගලන ගගුළක් විලස
එනමුත් එපා එන්න
ආදරය සොයා ගෙන
ඇස් දෙකත් මිණි සමයි
හදවතත් උනු සුම් තමයි
දැනෙන මුත් ඉර සද නුඹයි
ආදරයෙ මී වෑහෙන්න
මින් පසු එපා දෙන්න
ඉතින් මට සමු දෙන්න
සමුදුනී නුඹ ගෙ පෙම අරන් යන්න
අහිංසක මගේ ආදරය
මට තියා සමුදුනී සමුගන්න

@අසම්මත/16/09/03/@

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.