Monday, August 7, 2017

අත්තටු කුමට


සටන් කරලා සෙව්වෙම

වදන් ටිකක් ස්ථාවර

ලියන්න සියුම් තැනකට

එක්කාසු කල අකුරක්

හුදකලා කල හද
 

ඇවිල නටාවිද නුඔ
 

පියාපත් සොයා ගෙන
 

සිත් පිරිමැද ලියන
 

වචන දමනය නොකල
 

රැඩිකල් සෞන්දර්ය අතර
 

හුස්මක් කටක් නැතිවම
 

ඉගිල යමි ලැගුම් හොය හොය
 

පියාපත දිග හැර
 

නිදහසක් පියාඔා යන්නට
 


සොයන මුත් හිත තදකර
 

අත්තටු කුමට මට
 

ඉගිල යනු බැරි කොට
 

@අසම්මත/16/08/07/@
10 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.