Monday, August 7, 2017

බහට


ගී නොකියම උඩ පනිමු

කට වැරදී නොනැසි ඉමු

වතුර හිදෙන හැටි දුටුවෙමු

ඉවතක යන අයුරු සොයමු

කොකෙක් ඇවිත් බස් කියාවි
 

මොකද වෙන්න ඕන අසාවි
 

ඉඡ්ඡාවෙන් අප පෙලාවී
 

බොරු බහකට මුල පුරාවී
 

එක එකා ගෙන යමි කියාවී
 

සොබන වදනක නොම ගිලී
 

අහස අමතමු වැසි රිසී
 

දියකඩිත්තක ඉන්නද බැරි
 

අප ගැනත් හිතපන් දිය පිරි
@අසම්මත/16/08/07/@
3 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.