Saturday, July 22, 2017

පලක් නැත


මහා ප්‍රාකාරයක

සෙවන ලබමි

දැසි දසුන් ගෙන්

පිරිවරා සිටිමි

සිතුසැප සම්පත ද ලබමී
 

මහා පිංකම් කුසල් කරමී
 

කී නොකී හැම දේද ලදීමි
 

ඉන් පලක් නැති බව
 

කෙසේ කියමී
 

පසල් දොරටුව අසල ගැවසී
 

සිගා කන සොර කොරකු දුටීමී
 

ඒ සොරා වෙත හිතින් බැදුනී
 

කම්සුවය රහසින්ද විදීමි
 

පැන යන්න සරණ හිත මාණ බලමී
 

සසර පැතූ ලෙසද නොදනී
 

අභාග්‍යදැයි කර්මයමද දන්නේ නුඔද නැගනී ---!
 

@අසම්මත/16/07/22/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.