Tuesday, May 9, 2017

විරහ


ඉවතලු කෙල පිඩක් සේ

තලා පෙලා හිත මහත් සේ

වැටෙන්නට හැර නිදැල්ලේ

දමා යන්නට ගියා සිතු සේ

ආදරය ඉල්ලා හැඩූවෙමි
 

සෙනෙහසක දැවටී හූල්ලමි
 

කෙදින කවදා දකින්නෙමි
 

යනෙන තැන්වල බලා උන්නෙමි
 

තැකීමක් කර නැතුව ඉන්නෙමි
 

කියා ගන්නට බැරුව ලතැවෙමි
 

මේඝයක් වී නුඔට ලංවෙම්
 

දැනෙන උනුහූම් පවස නිවෙනෙමි
 

මම නුඔ ලග බවම පවසමි
 

@අසම්මත/16/05/09/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.