Thursday, May 25, 2017

විකල් සිත


අතහැරිය හැකිනම් මේ සියල්ලම

එකතුකල රෝස මලුත් එක්කම

දුකක් නම් නෑ ජීවිතයටම

අාශාවේ රැහැන් ඇත වෙලී සැම අත

ඉතින් කොහොමද නොඇලි ඉන්නේ
 

හිත දුවන්නෙම ආශාව පිටුපස
 

ස්වභාදහමට සරදමක් කර
 

සසර බැදි බැමි ලුහුබැදන් හිත
 

වහල් වී විකල් වෙන කල
 

අපි ඉතින් සංසාර මං පෙත
 

සැරිසරණ විට දුක දරාගෙන
 

ලියවෙන්නේ පද කවි හුදකලාවෙම
 

මිරිගුවක් මැයි කවිත් හරියට
 

@අසම්මත/16/05/25/@
10

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.