Thursday, May 11, 2017

නුහුරු කවි


නින්ද නොඑනා රැයක ඇහැකට

නෙත් අසරණව කුමක් කරනුද

මුහුනු පොත පං හිදක් කරගෙන

නිදහසක් ඇති තරම හිතකට

එන හැගුම් කවිකරමි හිත ලග
 

බොහො වර නොකියාම පොත පත
 

අකුරු වල ඇමිනෙන කවි සිත
 

වපුරනා වැකි වදන් කවි කර
 

නුඔට ඇසගැසුනිද නෙක වර
 

දුකක් ඇති නොදැනුවත් හිත තුල
 

හදක තෙරපෙන කදුළු කැට ලෙස
 

එලිවැටත් පැන නුඔට ලං වෙන
 

කෙවිට ගෙන තලා විසිකර
 

රසක් නැතිනම් ලියනු කුමටද
 

පැනයක් ලෙසින නිතර හඩලන
 

මේ කවිද මංදා මට නොතේරෙන?
 

@අසම්මත/16/05/11/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.