Saturday, May 20, 2017

සසර දුක


මේ වෙසක් සද

නෑගී එන දුක

දුටිමි සසරක

එක් හරස්කඩක් අද

ආත්මයකට නොවිදි
 

ආත්මයකට නොදුටු
 

මිනිසුන්ගේ අතෝරක් නැති
 

සුසුම් කදුළැලි දුසිම් ගනනකි
 

සෞම්‍ය සද ඇති
 

කවිද අද නැති
 

පපුව තුල ඇති දුකම පමණකි
 

පින්බිමද මරණය සමග සටනකි
 

සොහුරන් නෑසියන්
 

ජීවිතය ඉල්ලා මොරදෙති
 

වෙසක් සද නුඔ
 

මරණයක සිතුවමක් අද නැගි
 

@අසම්මත/16/05/20/@

6 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.