Monday, May 29, 2017

සදට කවි


සද අල්ලන්න බැරිබව දන්නවා

ඒත් සදක් ගැන ලියන්න දන්නවා

මම සදට පෙම් කරලා තියනවා

සදත් හොදටම ඒ බව දන්නවා

රෑයාමයේ මම තුරුලක ඉන්නවා
 

සද හොරැහින් ඒ දෙස බලනවා
 

හිත ලගවිත් සද කවි ලියන්න කියනවා
 

සද කියන්නේ කව්ද කියලා අහනවා
 

මම නොදන්න සදක් මටත් ඉන්නවා
 

ඒක නිසා සදකට කවි ලියනවා
 

@අසම්මත/16/05/29/@
17 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.