Monday, May 8, 2017

නෙත්සර


කවි හිතකින් කවි හිතක ට

නෙත් දෙකක් සිතුවමක් කර

දකින්නට නෙත් පුරාවට

කවිපෙළක් ලියනවද මට

ඇරැයුමක්කර නුඔම කවිකර
 

ලියන්නැයි හිතින් බල කර
 

තබා නිදහස් රුවක් මනහර
 

ඇස ගසාගෙන සිටින නිරතර
 

ලියවුනාවද ඇරැයුමට පිළිතුර
 

කවිය එනවද සිතක පා පෙළහර
 

මිරිකලා යුෂක් මී විතක් කර
 

නුඔ නෙතිනි වැදුනේ හීසර
 

මල්මිටක් රොස මල් කර
 

එවන්නද නුඔ හදට ගොනුකර
 

අමතක නොවේමැයි නුඔගේ නෙතුයුග
 

@අසම්මත/16/05/08/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.