Monday, October 2, 2017

හයිපතියා


මා නග්න කල බව

සීසරින් දෙවොල ගල් බිත්ති දන්නවා

අඩ දනින් වට්ටවා

පලමු ගල හිසටම ගසා

පුච්චලා මරන විට
 

සත්‍යම වැලදගෙන
 

මියෙන මා තාරුකා පවා ඇමතුවා
 

ලියා ගත් කවියක මුසුව
 

හයිපතියා තරුව සත්‍යයක් සමග
 

උගත් නුවරුනි කියනු මැන
 

අන්ධකාරයේ ගැලී සිටිවුන්ගේ
 

ගොදුරක්ව පුළුස්සා දැමුයේ සත්‍යක්ම බව...............
 

හයිපතියා තරු පිරිවාරාගෙන
 

අදත් අමතන්නී සත්‍යය...............

@අසම්මත/16/10/02/@

5 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.