Wednesday, October 11, 2017

කාලය


කාගෙන්ද ඔබ ඉගන ගත්තේ

මේ විදිහට නිසොල්මනේ ඉන්න

කව්ද ඔබට කියා දුන්නේ

හැගීම් වලට ඉරී අදින්න

කොහොමද ඔබ උනන්දු වුනේ
 

දකින ඇස් වසා ලන්න
 

ජනිත වුයේ ඇයි ඔබ මට
 

පෙරුම් පුරා ලබා ගන්න
 

පිටුපාලා යන්න ගියේ
 

ඔබ හද පිරිමැදි නැතිකම හින්දද
 

සහසක් හැගුමන් ඉපදී
 

මියයන්නේ නුඔ දුන් විරහව නිසාද
 

පසුතැවීම සදහට දී
 

අනුත්තරා කොහේ සැගවුනාද
 

ආල නුරා ගවසා නුඹ සද සැගවී ගියාද

@අසම්මත/16/10/09/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.