Monday, October 30, 2017

ඉසුරුමුණි කතා


අදත් බෑ සිනාසෙන්න

හැගුම් බරයි අහස

දොඩමළුයි ඔය දෙනෙත

මට බෑ බලා ඉන්න.....

පලා යන්න නම් එපා එන්න

සුසුම් විතරක් නම් ගන්න

කදුළැල්ල යයි මැකී හනික

කැලලක් තියා මතක

ඔය දෙව්ර මට පෑව

සෙනෙහසක ගී නදිය

විරහ ගගක පා කෙරුව

නුඹය ප්‍රේමයේ ඉව්ර

අතිනත පටලවා දැහන

සුවද තවරා සිහින

මෘදු හදක පහස

ලං කලේ නුඹ සදම

වෙන් වෙන්න ඇයි ලංව

සෙනෙහසක් ගෙන ඇසක

කදුළු උනණා මිටියාවතක

අපි තනි වුනේ ඇයිද..........

අහස් ගග බලනවා

හිහෙන්න තව කියනවා

තිසවැව රළ නගා හඩනවා

ඉසුරුමුණි පෙම් යුවල ප්‍රේමයම යදිනවා

@අසම්මත/16/10/25/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.