Wednesday, October 11, 2017

ආස්තානය


අපි යන්නේ කොයිබටද...

තැනක් නොතැනක් දන්නවද...

මගක යන්නට අරමුණක් ඕනමද..

අරමුණක් නැතිනම් යන තැන වරදීද....

ඇනෙණ කටු කොහොල් විසකුරු දළඹුවොද...
 

රළු පාරවල් වල ගමන් අමිහිරිද....
 

ලස්සනක් දකින්නට ඇස් අරෙනවද...
 

ආස්තානය ඉන්න හරියටම කියනවද..
 

දැනෙන්නට හිතට මෙහි යමක් ලියනවද...
 

කාගෙනුත් ඒ ගැන අහනවද.....
 

දකින අය දැනෙන දේ කියනවද
 

ආශාව ඇගයුමක් වර්නණා පමණක්ද...
 

කිසිත් නැතිනම් ලියනදේ අතහරිමුද
 

නිදහසක් නුඹ සිතා කියනවද.....
 

මම ලියනුයේ නුඹට බව දන්නවද...?
 

ව්‍යංගයක් නොවී කෙලින්ම කිනවද..
 

එන අදහසක් සිරකර ඉන්නට හරිනවද
 

මතයක් ලියවීම කවියක වියමනද...?

@අසම්මත/16/10/11/@
5 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.