Wednesday, October 11, 2017

කවි හීන


සිත්තමක් වෙන්නම් නිහඩ කවියක් විලස

කවිය වෙන්නම් නිහඩ සිතුවමක් විලස

හීනයක් වෙන්නම් පියැවි යන නෙත් අතර

හැබෑවක් වෙන්නම් ඒ දකින හීනයක

මලක් වී පිපෙන්නම් හමන සුවදක් එක්ක
 

සුවද අරගෙන විදිනවද මලට නොදැනෙන්න
 

රහසකින් කියනවද ඒ සුවද ගැන ඔබම
 

ඈත් වී වළාකුල පාවෙනා හැඩයකට
 

දේදුන්න බබළණා විහිදමින් නෙක පාට
 

නෙත් වලට රසදුනක් වියැකුනත් දේදුන්න
 

ටික කලක් ජීවිතේ ඉතිරිවුන ශේෂයද
 

වින්දාද විදෙව්වද පටලවිලිය මතක
 

රසදුනක් වෙන්න දැන් ජීවිතය කවියක්ය

@අසම්මත/16/10/11/@
6 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.