Monday, October 30, 2017

මල් වට්ටක්කා කිතුල්


කිතුල් ගස් මොනතරම් පරනද

ආයුෂක් මැනිය හැකි මිම්ම කොතනද...

අරටුවක් මැද වැඩී හිද කද

නිමැවුමක් කල්පයක් ගල් කල

අතට දැනෙනා පලක් ගන්නට
 

අතුරු පල නම් කොතෙක් නැතුවද

වට්ටක් වැලකට කිතුල් අගුනද

එතුනොතින් පැලවෙලා හනිකට

මුල ඉදන් ගස අගට එතී යනකොට

පල දරන්නෙම මල් වැරු ගෙඩිකද

මියයන්නේ නම් කෙටි කලක් පල බෙදා හොදටම

අත මිටත් සරු නෙවද ලොකු ‍බර

ගස් දෙකක කතාවක් ඇත

මල් දරා පල දරා අතට දැනුනම

ප්‍රශ්නයක් ඇත දරන පල ගැන

ඔබ කැමතිනම්

වට්ටක්කා මලටද කිතුල් මලට ද.....

@අසම්මත/16/10/26/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.