Wednesday, October 11, 2017

විදගන්න


මම නවතිමි ඒ හා සමග

මට ඉඩ දෙන්න

බිය නොදැනෙන්න සක්මන් කරන්න

හුදකලාවම විදගන්න

ඒ තරම්ම මිහිරක්ද දැනගන්න
 

තනිකමද පාළුවද නැවත නැවත අමතන්න
 

මට ආයේ ඉඩ දෙන්න
 

ජීවිතය විදගන්න
 

පිරිවරා නොඑන්න මට පමණක් දෙන්න
 

හුදකලාවක පාවෙනා සිහිනවල දැවටෙන්න
 

හීනීයට ඇස් අගින්වත් නොබලාම
 

මට මගේ පාඩුවේ ඉන්න
 

නිදහසම........
 

විතරක් දෙන්න........
 

ලඝුවුනාදෙන් සියල්ලම කිසිත් නොඉල්ලමි
 

බිදුනු හැම හදවතකින් ම.......

@අසම්මත/16/10/08/@
7 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.