Wednesday, October 18, 2017

පපු කුහරය


මගේ පපු කුහරය වද දෙන්නෙ ඇයි අර

ශෝධනය කර හෙට අපුල්ලා හොදටම

නූපදින අදහස ගෙන කඹයකට ඔතා ගැට ගහගෙන

පැත්තක් මවෙත ගෙන පැත්තක් ඔබට දෙන

අදහස් නෙක එහෙ මෙහේ පැද්දෙන
 

අඹරවා මිරිකවා ගුලිකර තද කර
 

ගැටයක් ගසමි හොද වියමන් හිතකට එන්න
 

අභිසෙස් නොලද කවියක මත තිත තියන
 

සතතාභියාසය නුඹ හැම විට කියන
 

නුපුහුණු ජපයකි වදනක මුහු නුණ
 

අනුභුති මාතෘකා ආකෘතී ඇද හැළුණ
 

කවියක් නොවේවී විදග්ධ කියවීම
 

අයනු ආයානුත් නොදැනම ලියවීම
 

නිදහස මනා කොට මුහුනට ගොඩකෙරුම
 

කවියන් නොවී අපි ලියනා සැම කවිවීම
 

හීනමානයක් නම් ඇයි අපුලක ලෑම
 

නොලියා සිටිනු ඇයි සකබර්ග් මචකෙක් නේද...
 

කැමතියි අකමැතියි කියා පව් සේදීම
 

වුවමනා දෙ පෙත්තෙන් ගසක පලදාව
 

බහ තෝරනවා තාම කවියක් මුහුනු පොත ගාව.........

@අසම්මත/16/10/18/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.