Friday, October 20, 2017

අරලිය මල්


රතු අරළිය ගහ මුදුනෙම

පිපි රතු අරළිය මල් තුනකම

කියන කතාවයි ගී කර

සුලග අරන් ගිය සුවදම

පිපුනා අතිනත රන් හූයක බැද
 

මිහිරි සුගන්ධය විද විද
 

දෙහදක් එක්කල මන් මද
 

තව මලකුත් ඇත සුවදට
 

බුදුගුණ පතමින් හිත පිරිමැද
 

තියා වදිම් මුණි තිළවග
 

නිවන පතා මහ අම මෙත
 

රතු අරලිය මල් තුනකම
 

මිහිරි කතාවකි තුර හිද
 

තව එකමලකත් පෙති පරවෙන
 

මල් කළඹක රත සරසන
 

අරළිය මලක කතාවක අවසන
 

සොහොන් බිම මත හැකිලෙන
 

පෙති සැලුනි රතු අරලිය මල් තුනකම
 

දිවියක ගමනක අරැඹුම
 

මුණි සද දැකදැක හිනැහුන
 

සුසානයක වුනි රතු අරළිය මල් පෙති පරවෙන..................
 

අරළිය ගසක වරුන මල් පුබුදන......
 

@අසම්මත/16/10/20/@
6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.