Sunday, April 23, 2017

රහස් නුරා


කිමිදෙන්න හිතලා නොවේ

ගග දියට ලං වී ප්‍රියේ

උණුසුමක් මතු වි හදේ

රුධිරයද රත්වී තදේ

සිසිලක් සොයනා ලයේ
 

සෙනහසක් මහමෙර උසේ
 

හැගීමක් පිබිදි සිතේ
 

අවනත කලා දෙනුවන් මගේ
 

ඇසිල්ලක සිරවී සිතේ
 

ලොවම නොපෙනී ඇතේ
 

නුඔ වෙලී මා සුරතේ
 

නිම් හිම්ද සෙව්වේ ලබැදියේ
 

@අසම්මත/16/04/23/@

Sunil Pathirage Kariyawasam Elama

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.