Saturday, April 15, 2017

නික්මීම


නික්ම යන්නම්

අවසරද මට

ඔබ නුවන් දැහැනින්

නුවර තනිකර

සදළුතලයක හිටිය සිරකර
 

අකමැතිම දිවියෙන්
 

පවුරු බැදගෙන
 

ඉසුරු ඩැහගෙන
 

ගෙවන දිවි ගමනින්
 

පලක් නෑ මට
 

සොදුරු හිමි නුඔ
 

නික්ම යමි රහසින්
 

පැල්පතක ඇති
 

සුන්දරත්වය විදිමි මා මනසින්
 

තිබුන පෙු්මය
 

නටබුමක් නොව
 

ගොඩ නගමි හනිකෙන්
 

ඉතින් මම නික්ම යන්නම්
 

නිදහසක් ඇති
 

ආදරය සොයමින්
 

@අසම්මත/16/04/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.